ජීවිතෙත් හරියට තනිරුල් පොතක් වගේ...
මුලින් ඉරි කෑලි, රවුම්, කොටු, ඉලක්කම්, අකුරු ලියනවා පැන්සලෙන් පුරුදු වෙන්න...
පස්සේ ටික ටික වචනයෙන් වචනය... වාක්‍යයෙන් වාක්‍යය... ජේදයෙන් ජේදය ලියන්න පුරුදු වෙනවා මකනයෙන් මක මක...
එත්.. පහු වෙද්දී ඒ පොතේ පෑනෙන් ලියන්න වෙනවා...
හැබැයි පැන්සලෙන් මක මක ලිව්වා වගේ වරද්දන්න බෑ...
පරිස්සමට ලියන්න ඕනේ කල්පනාවෙන්...
වැරදුනා කියලා පොත පැත්තකට දාල හරියන්නෙත් නෑ ... වැරදි ගැන හිත හිත ඉන්නත් බෑ ...
ඒ වැරදිත් එක්ක ඉස්සරහට යන්න ඕනේ...
* සමහරු ලියද්දි වැරදුනා කියලා මුළු පොතම පැත්තකට දානවා... (දිවි නහගන්නවා)
* සමහරු පොත ලස්සනට ලියාගෙන යනවා... (ජිවිතේ ඉස්සරහට යනවා)
* සමහරු පොතට ලස්සන පිටකවරයක් දාගෙන පිටින් විතරක් ලස්සන කරගෙන ඉන්නවා... ඒත් ඇතුලෙන් හිස්... (එලොවත් නෑ මෙලොවත් නෑ)
* සමහරු පිටිනුයි අතුලෙනුයි දෙකම ලස්සනට තියාගෙන ඉන්නවා.... (ආදර්ශමත් ජිවිතයක්)
ඒ අතරේ මම...............>>>>>>>>
පොතත් අතේ තියාගෙන... පෑනත් අතේ තියාගෙන...
ලියන්නේ මොනාද.. කොතනින්ද පටන් ගන්නේ කියලා...
කල්පනා කර කර ඉන්නවා...
හැපුයි... :( :( :(












.jpg)
