අහස සේ නුඹ අනන්තයි....

Thursday, January 10, 2013

ඔය ලස්සන ඇස් දෙක....


ඔය ලස්සන
ඇස් දෙක දිහා
බලාගෙන
ඉන්නකොට
මගෙ හිත
මගෙන් අහනවා
ඔය ලස්සන
ඇස් දෙක
ලබපු ඔයාද
නැත්නම්
ඔය ඇස් දෙක දිහා
බලාගෙන ඉන්න තරම්
පිංවන්ත වෙච්ච
මමද
සංසාරෙ වැඩියෙන්ම
පිං කරල
තියෙන්නේ
කියලා ♥ ♥



මගෙ හිරූ ..,


මේ ජීවිතය කියන්නේ කවියක් නම්.., 
ඒ කවිය ලස්සන වුනේ ඔයා නිසයි..
වෙනද ඕනෙවට එපාවට ඔහේ ලියවුනු මේ පදවැල්...,
අද..
ඔයා නිසා ලස්සනට ඇමිණිලා ගැලපිලා..

සුන්දර කවි පද මතුවෙන්නේ ඉබේටම වගේ..
ඔයා හමුවෙන්න කලින් මම දැනන් හිටියේ නෑ.... 

සත්තමයි..,
ජිවිතේ මේ තරම් ලස්සනයි කියල...
ඔය ඇස් වලින් උතුරන ආදරය 

මගේ මුළු ලෝකයක්ම එලිය කළා හිරූ ...!!!
 
ඔයාට ගොඩාක් පින්... මගේ ජීවිතේට එලිය ගෙනාවට.. ♥ ♥ ♥


Wednesday, January 2, 2013

සරදමකි මේ ජීවිතය..,


ඔබ නමින් උපන් සෙනෙහසින්...
මහ මෙරක් තරම් සිහින මැවු වසන්තය නිමාවිය..
සිනහවකින් උපන් ඒ පුරාවත 

කදුලකින් නිමවුණු අතීතයක් විය.. හද දවන..
අසන මුත් ලොවම නුබ ගැන.. ගොලුවී සිටිමි මම.. 

ඉනූ කදුලක් සගවමින් පිළිතුරු නැතිව.
එදා ඔබ කනට කොදුරා කියු වදන් 

පමණක් මුමුණනු ඇසෙයි මා සිත රහසින් මටම..
ප්‍රාණයයි මා ඔබ.. හිදිමි අවසන් හුස්මතුරු 

මේ බවේත් මතු මතු බවේත් නුබ සමග.. 
ආදරෙයි ඔබට මම
මා හැරී බෙලුවෙමි.. 

එදා ලග සිටි මා සෙවනැල්ල පමණක්ම විය..
නුබ ගොසිනි දුර මගෙක මා අතැර...
සරදමකි මේ ජීවිතය....



Tuesday, January 1, 2013

හ්ම්ම්ම්......


සොඳුරු යටගියාවේ පුංචි මතක සටහනක් මට අහම්බෙන් අද මතක් වුනා. ඒ තමයි හ්ම්ම්ම්........ මතකද හිරූ ඔයාට පුරුද්දක් තියෙනවා චැට් කරද්දී, කෙටි පණිවුඩ එවද්දී හැමවෙලේම හ්ම්ම්ම්...... ගානවා.
එක දවසක් ඔයාගේ මේ පුරුද්ද අත් අරවන්න කියල මම කරපු දේ මතකද හිරූ... මම දවසක් ඔයාව පොරොන්දු කරවගත්තා අයෙත් චැට් කරද්දී හ්ම්ම්ම්... ගාන්නේ නෑ කියල. ඔයා ඒ පොරොන්දුව වූනෙත් හ්ම්ම්ම්... ගාගෙන. හී... හී ... මතක් වෙද්දීත් මට හිනා යනවා. ඇත්තටම අපි දෙන්නට හරිම සුන්දරයි, හරිම අහිංසක අතීතයක් තියෙනවා නේද හිරූ......

සෙනෙහසක් අකුරු කර.. සිත් දෙකක් අමුණමින්
ඔබට මතකද එදා අපි එක්ව ආදරේ කවියක් ලිව්වා...
මල්තුහින.. විහග ගී.. දම්පාට හීන.. සමනල්ලු..
ඔබට මතකද අපේ.. ඒ කවිය හැඩ කෙරුවා..
ගුරු පාර.. තුරු වදුළු.. දොළ කඩිති.. රල පේලි...
ඔබට මතකද.. අපි එක්ව ලියු ඒ කවිය.. ලගින් ඉද රස වින්දා...
මහමෙර.. සද තරුට.. සාගරේ ජල කදට..
ඔබට මතකද අපි එදා.. ඒ ආදරේ සම කෙරුවා..


 මට කියන් මම නැතිව... 
කොයිද කවි තාලයක්...
පදවැල් මමයි.. තාලය නුබයි...
මේ කවිය අපෙ විතරමයි ...♥ ♥ ♥