අහස සේ නුඹ අනන්තයි....

Thursday, September 12, 2013

ම්ම්ම්ම්ම්ම්ම්ම්.....



අද මට මගේ අයියා නැති අඩුව හුගාක් දැනෙනවා... 
අම්මී ගැන ලිව්වත්, අප්පච්චී ගැන ලිව්වත්, මගේ ආදරේ ගැන ලිව්වත් කවදාවත් මo මගේ අයියා ගැන ලියලා නැ මොනවත්...
අන්න ඒ නිසාද මන්දා අද අයියා ගැන ලියන්න හිතුනේ...
කොහොමත් මo අපේ ගෙදර වැඩියෙන්ම බය අයියට තමා... 
ගුටිත් කාලා ඈති අනන්තවත්...  
අයියා ගොඩාක් නිහඬ චරිතයක්...
ඒ අතට මo... හෙනම කටකාර චරිතයක්... 
ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ මo ගෑන... දන්නෝ දනිති.. 
එක කුස උපන් සහෝදරයා උනත් ගෙදරදී උවමනාම දේකට හෑර වචන දෙක තුනක් වත් කතා කරන් නෑ මාත් එක්ක... 
මමත් කතාවට යන්න හෙන බයයි ඉතින්...
අම්මී තමා පෝස්ට් මෑන් අපි දෙන්නගේ පණිවිඩ හුවමාරු කරන...
මo ගෙදරින් එළියට කොහේ හරි යන්න ඕනේ උනාම අයියගෙන් පර්මිශන් ගන්න එක අනිවාර්යයි...
ඒත් අයියා ලේසියෙන් පර්මිශන් දෙන්නෙත් නෑ... අන්න ඒ නිසාම ඒ දවස් වල මට අයියා මහා ඈණයක් වගේ පෙනුනේ... 
ඒත් අයියගේ මo ආස කරන ගතිගුණ ගොඩාක් තියෙනවා...
වෙලාවකට හිතෙනවා මo කොච්චර ලකීද කියල මේ වගේ අයියා කෙනෙක් ලැබෙන්න... 
හදිසියකට සල්ලී ඕන උනාම අයියගෙන් ඉල්ලුවම අයියා කවදාවත් කීයක් ඕනෙද කියලා අහන්නේ නෑ මගෙන්....
එයාගේ පර්ස් එක දීල ඕන තරම ගන්න කියනවා... 
කොච්චර සල්ලී පර්ස් එකේ තිබ්බත් මo උවමනා ගානට එහා කීයක් වත් ගන්නේ නෑ...
ඒ තරමට මාත් අයියගේ විශ්වාසය රැක්කා...
අයියත් කවදාවත් ඈහුවේ නෑ කීයක් ගත්තද කියලා වත්...
ඒ අතට අම්මීගෙන් සල්ලී ඉල්ලුවම මොකටද... කීයක්ද... මොනවා කරන්නද... ප්‍රශ්න කෝටියයි...  
ඕ ලෙවල්ස් කරන කාලේ නයිට් ක්ලාස් එක්ක ගියෙත් අයියා...
හැපූ අයියත් එක්ක බයික් එකේ යනවා කියන්නේ ජීවිත ආසාව අතාරිනවා වගේ වෑඩක්... 
බයික් එක ඉගිළෙනවා ජෙට් එක වගේ... මo කරන්නේ අයියව බදාගෙන වෙන දෙයක් වෙද්දෙන් කියලා ඉන්න එක තමා...
එක පාරක් බයික් එක හප්පගත්තත් එක්ක... හෑබෑයි ඉතින් දෙයියනේ කියලා මට කිසිම අනතුරක් වෙලා නෑ... 
ඉස්සර අයියා ලoකාවේ ජොබ් එක කරන කාලේ උදේට ඔෆිස් අදින්න ෂර්ට් එක මැදගන්නේ මට හොද බටර් පාරක් ගාලා...
අනේ මේ ෂර්ට් එක හෝදලා දාන්නකෝ.... අනේ ටග් ගාලා මේ ෂර්ට් එක අයන් කරලා දෙන්නකෝ... පඩි ගත්තම කීයක් හරි දෙන්නම් ඕයි කාමරේ අස් කරලා දානවකෝ... නoගී බඩගිනී තේ එකක් දෙන්නකෝ... අනේ සුදූ මේ සපත්තු දෙක පොලිෂ් කරලා තියන්නකෝ...
මේවා ඒ දවස් වල මට ඈහෙද්දිත් අරහන්... 
ඒත් දැන් ආයෙත් ඒ කාලෙට යන්න හිතෙනවා අනන්තවත්.... 
අයියා ලoකාවෙන් ගිහින් දැන් අවුරුදු 4ක් වෙනවා... ස්කයිප් එකෙන්මයි දකින්නෙත්... රණ්ඩු කරන්න වත්...  ගුටියක් කන්න වත් කෙනෙක් නෑතුව පට්ට පාලුයි... 
කොහේ හිටියත් තාමත් මo අයියගේ පණ ටික...
අම්මී කියන්නේ අම්මිට වත් අයිතියක් නෑලූ නoගී ගැන තනි තීරණ ගන්න....
වතුරට වඩා ලේ උකුයි කියලා කතාවකුත් තියෙනවනේ...
උපදින හැම ආත්මෙකම අයියගේ නoගී වෙලාම ඉපදෙන්නයි මට ඕනේ...
අප්පච්චී හැරුනම මගේ ලෝකේ වීරයා අයියා තමා හැමදාමත්...


ගොඩාරියක් ආදරෙයි මගේ සුදු අයියේ... 

6 comments:

  1. සහෝදර කකුම කියන්නේ ඕකට වෙන්ටැති ...

    ඔන්න අද මම එක ... හි හි ..

    මටත් අයියල තුන් දෙනෙක් ... ඉස්සරනම් හුරතල් කළා .. දැන් නම් ඉතින් ලොකු නිසා හුරතල් නැ ... ගුටිනම් කාලා ඇති ඕන තරම් .. එත් දැන්නම් අයියලා දෙන්නෙක් මචන් කියලත් කතා කරනවා .. ලොකු ඉතින් ගෙදර තාත්තා වගේ නිසා එහෙම කතා කරන්නේ නැ ... තාමත් බයයි ලොකුට ...

    ReplyDelete
    Replies
    1. කොහොමත් අයියලාගේ ආදරේ ටිකක් වෙනස්....

      පිටතට පේනවා අඩුයි...

      ඒත් හුගාක් ශක්තිමත්....

      ටෑoකිව් සෝ මච් ඉස්සරෝම කියලා කමෙන්ට් කළාට.... :D

      Delete
  2. මමත් ගෙදර හත් දෙනෙකුගේ ලොකු අයියා.මට මේක බොහොම තදින් දැණුනා.

    ReplyDelete
    Replies
    1. වාව් නියමයී....

      වාසනාවන්ත අයියණ්ඩී කෙනෙක්....

      හමුවීම සතුටක් සහෝ... :D

      Delete
  3. මමත් අයියෙක්. නංගියි මල්ලියි ඒ දෙන්නාග අනාගතය වෙනුවෙන් මමත් ඉන්නව දෙමවුපියෝ වගේම. ඔය විදිහටම තමා මගෙත් වැඩ. චාටුවක් දාන් නැතුව අපේ කෙල්ලගෙන් වැඩක් නම් ගන්නම බෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... හ්ම්ම්ම්ම්ම්.....

      ඒත් වෑඩිය තදට ඉන්නෙපා අනේ.....

      පව්නේ නoගිලා... :(

      Delete