හිතට දුකක් දැනුන වෙලාවක....
ෂවර් එක යටට වෙලා...
තියෙන දුක් දෝම්නස් පොදි
වතුරේ දිය වෙලා යන්නම
අඬන්න ආසයි මං....
අඬලා අඬලා හිත නිදහස් උනාම
අම්මී අහයි මොකෝ මේ ඇස්
රතු වෙලා ඉදිමිලා කියලා...
අන්න එතෝට කියතෑකී
ගොඩාක් වෙලා නෑවනේ... ඒකයි කීලා...
හ්ම්ම්ම්ම්ම්......
කාගෙවත් හිත නොරිදෙන්න මම...
කඳුළු බින්දුවක් පවා හෙළන්නේ
හරිම පරිස්සමට...
අන්න ඒ තරමට වද වෙන මට
මං ගැන කිසි ගානක් නැති හැටි නම් අපූරුයි...
හිරුට පෙම් බැන්දාම ඔහොම තමයි. සතුටුයි හඳේ එලිය අඩු නොවි තියෙන එක ගැන...
ReplyDeleteහුම්ම්ම්..... මුනා කරන්නද ඉතින්... දුක තමා.... :-(
Deleteආදරේදි ඉතින් කඳුලත් හුඟක් වෙලාවට ලගටම එනවනේ.. ලස්ස්නයි කවිය..
ReplyDeleteහ්ම්ම්ම්ම්... ඔව්...
Deleteආදරයයි කඳුළයි අතරේ...
අමුතු පෙමක් ඇත මගේ මිතුරේ...
තෑන්ක්ස් ඔයාට.... :-)