අහස සේ නුඹ අනන්තයි....

Wednesday, December 4, 2013

හිරුට පෙම් බැඳි මම ....


මට අද ඊයේ වගේ මතකයි හැමදේම...  ඔයාට කොහොම ඇතිද මන්දා... මට ආදරෙයි කියලා කියාගන්න බැරුව ඔයා කට්ට කාපු හැටි... හික්ස්...  කොච්චර දුක් වේදනා අස්සේ උනත් ඒ අතීතේ මතක් වෙද්දී මට හිනා යනවා...  මගේ හිතේ ඔයාට තියෙන ආදරෙත් තව තවත් වැඩි වෙනවා...  මට කෙලින් කියන්න බයේ වටින් ගොඩින් සින්දු කෑලි කීයක් නම් එව්වද ඔයා...  මට හැමදේම තේරුනත් නොදන්නවා වගේ හිටියා...  එවපු සින්දු කෑලි වලට "ෂා ලස්සනයි..." "ෂෝයි සින්දුව නේද..." කිය කිය හිටියා...  හප්පේ බලන්න වටිනවා එතකොට ඔයාගේ මූණ මේම මේම බෙරි වෙලා තියෙන හැටි...  ඔයා එවපු ඒ සින්දු කෑලි අතරින් මං අදටත් ගොඩාක් ආස කරන පද පේළි දෙකක් තියෙනවා...
"හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්න
ඔය ඇස් දෙක අමතක කර හිඳින්නේ කොහොම... "

මටත් ඔයාට කියන්න තියෙන්නේ මේ ටිකම තමා බබා...  එදා ඔයාට මගේ ජීවිතේට ළං වෙන්න ඉඩ නොදී මඟ හැරියේ මං මටත් වඩා ඔයාට ආදරේ නිසයි...  මාත් එක්ක ඉඳලා ඔයත් දුක් විඳිනවා දකින්න මට ඕන උ‍නේ නෑ... අදටත් එහෙමයි... ඒ සිතුවිල්ල හැමදාමත් තියෙයි... පුලුවන් නම් මට සමාව දෙන්න බබා... 

අහම්බෙන් හමුවුණු
ඔය දඟකාර හිත අද්දර
මම නිහඬ උනා...
එදා මගේ නිහඬ බවට
ඔයා දුක් උනා...
ඒත් අද...
මම ඔයාගේ නිහඬ බවට
දුක් වෙනවා...
කාලය කොතරම් නපුරුද නේද..
හ්ම්ම්ම්...
අන්තිමට අපිට ලැබුණ දේකුත් නෑ...
දුකම හැරෙන්න...

No comments:

Post a Comment