අහස සේ නුඹ අනන්තයි....

Tuesday, April 7, 2015

++++ 🌸 ආපසු යන්නට පාර කියනවද... සමුගන්නට කාලය ළඟම ඇවිදින්..... 🌸 ++++





* හලෝ සුදු මැණික... මොකෝ කරන්නේ බබා? 

** හායි හායි බන්ඩි කොටෝ... මං මේ හොල්මනක් බලනවා පැට්ටෝ...

* හෑ..? මොකක් බලනවා??? 

** හොල්මනක් අනේ හොල්මනක්...

* තේරෙන මඟුලක් කියනවකො ඕයි... 

** මම හොල්මන් චිත්‍රපටියක් බලමින් සිටිමි... ඔන්න සුද්ද සිංහලෙන්ම කිව්වා... දැන් හරිද බොස්... 

* අහ්... අදත් එනවකෝ මහ රෑට ඇහැරිලා අනේ අයියේ මට බයාආආආආයිඊඊඊ.... කියාගෙන... මං ෆෝන් එකත් සයිලන්ට් දාගෙන හොඳට දොයියනවා... හූ ඈ...

** අනේ යනෝ බන්ඩි කොටා... මං බය නෑ හරිද... හෑන්ඩ් ෆෝන් එක ආන්සවර් කළේ නැත්තම් ලෑන්ඩ්‍ ෆෝන් එකටත් ගන්නව මං.... බලමු කොහොමද දොයියන්නේ කියල... හූ හූ ඈ.... 

* ඒයි මේ මට බන්ඩි කොටා කියන්න එපා හරිද... මම කොටත් නෑ, මට බඩකුත් නෑ... අච්චර ලස්සන කියුට් නම් තියෙද්ද මේකම කියන්න ඕනද... අහා මතක් කරපු එකත් හොඳයි අනේ ලෑන්ඩ් එකේ ලයින් එකත් ගලවලම දොයියනවා අද....අනේඒඒඒ...  පව් බබා...

** බන්ඩි කොටා.. බන්ඩි කොටා... බන්ඩි කොටා... නම රෙජිස්ටර් කරල ඉවරයියීඊඊඊඊ....

* ඒකත් එහෙමද... මේ වැඩේ හරියන්නෑ... පෙරේදා ඔෆිස් එකට චෝයි කෙල්ලෙක් ආව... නිකන් ප්‍රීති සින්ටා වගේ... ට්‍රයි එකක් වත් දාලා බලන්න ඕන... එයා නම් මට බන්ඩි කොටා කියන එකක් නෑ...

** දුප් ගෙම්බා.... තරහයි ඈ... 

* ඈ නංගී ඔය පැත්තේ ගෙම්බෝ පන්නන්නේ දුප් කියලද?? මාරයිනේ... අපේ පැත්තේ නම් දුප් ගගා පන්නන්නේ වෙන ජාතියක්නේ... 

** හම්ම්ම්ම්ම්.....

* ඉතිං ඉතිං ෆිල්ම් එක ඉවරද....

** හම්ම්ම්ම්ම්.....

* මොකෝ බකුසු ටෝක්ස් ඒ පාර.... 

** අයි..යේ... ඉහ්.. ඉහ්... ඉහ්... 

* නංගි බබා ඇයි මේ... බයද... මං කිව්වනේ තේරෙන සිංහලෙන් බැරි වැඩ කරන්න එපා කියල.. ලැප ඔෆ් කරල ඇඳට යන්න දැන්වත්...

** ලැප ඔෆ්... මං ෆිල්ම් එක බැලුවේ නෑ...

* එහෙනම්..?? ඇයි අඬන්නේ බබා..? මොකද උනේ මැණික... කියන්න මට...

** අයියට මාව එපා වෙලාද?

* මොකක්...?? විකාරද නංගී බබා... කවුද එහෙම කිව්වේ ඈහ්...?

** එහෙනම් අර කිව්වේ ප්‍රීති සින්ටා වගේ කෙල්ලෙක්ට  ට්‍රයි කරන්න ඕන කියල... ඉහ්.. ඉහ්...

* හැක හැක හැක.... හයියෝ මගේ බඩ... ඔච්චර හිනස්සවන්න එපා ළමයෝ... හැක හැක හැක.... 

** හිනාවෙන්න දෙයක් කිව්වද මං දැන්? 

* අයියෝ මගේ සුදු මැණික ඔච්චර සීරියස් වෙන්න එපා රත්තරං... කට්ට කාල කාල ට්‍රයි කරල දාගත්තු මෙච්චර චෝයි පිච්ච මලක් ඉද්දී මට මොකටද ප්‍රීති සින්ටලා.... මං විහිළුවක් කලේ හොදේ... සොරි ඈ... දැන් හොඳ බබා වගේ කඳුළු පිහිදගෙන් හිනා වෙන්න...  

** හම්ම්ම්ම්ම්.... මං ආයේ බන්ඩි කොටා කියන්නේ නෑ අයියේ... ආයේ අරම විහිළු කරන්න එපා ඔයත්... හා ද... ප්‍රොමිස්...???

* හරි හරි ප්‍රොමිස්... හැබැයි අර පෙට් නේම් එක මට ඕනමයි.... 

** කෝකද??

* අර අරක...

** කෝකද කියනවකෝ මැට්ටෝ...

* බ න් ඩි  කො ටා... හෙහෙහෙ...

** මොකක්...??? මෙච්චර වෙලා කෑ ගැහුව නේද එහෙම කියන්න එපා කියලා..?? ඇත්තමයි සුදු අයියේ ඔයාට පිස්සු හොඳටම....

* ඔව් ඉතිං ඔයා තමයි මාව පිස්සෙක් කළේ ආදරෙන් පිස්සු වට්ටලා... හා නැද්ද මං අහන්නේ... ඇත්තමයි නංගි බබා දවසකට හරි ඔය ආදරෙන් පිරුණ කටහඬින් අරම ඇහුවේ නැත්තම් නිකන් කෑවේ නෑ වගේ තමයි දවසම චා...




රණ්ඩු කරගෙන යාලු වෙන්නට හිටියෙ මට ඔබ විතරමයි
වෙන්වයන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි
ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බැහැ සත්තයි
තිස්සෙම කඳුළැල් දෑස රැඳුණේ ඉන්න බැරි තැනමයි ....

ලංව හිටි ඔබ වෙන්ව ගිය විට දැනෙන දුක අහසට සමයි
හංගගෙන මට ඉන්න බැහැ තව ඔබට ගැති සිත අසරණයි
කොච්චර සතුටින් ඉන්න තිබුණත් ඉන්න බැරි ඔබටයි
මෙච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරන් ඔබමයි .......

10 comments:

  1. බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් එකතු කරන්න. පහතින් අපේ සින්ඩියට පැමිණ බ්ලොග් ලින්ක් එක අපට ඊ මේල් කරන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  2. බන්ඩි කොටා....
    පට්ට පෙට් නේම් එක.....
    කොට බන්ඩියා කිව්වා නම් ඊට වඩා ආතල් නැද්ද....
    නියමයි...

    ReplyDelete
    Replies
    1. හික්ස්.... :v :v :v

      ඉබේම හිතේ අඳුන වචනයක් බන්ඩි කොටා...

      තැන්කූ රූපේ....

      Delete
  3. මේකනම් නියමයි හිනා වෙවී බලන්න පුළුවන්.ආදරේ තියන හැම දෙයක්ම නොඅඩුව තියනවා.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. කියවන ඔයාට විතරක් නෙමේ ලියපු මටම හිනා යනව තාම... :v

      සාදරයෙන් පිළිගන්නවා අඩවියට... :)

      Delete
  4. වෙනදා වගේම අදත් ලියැවිල්ල මරු..... නියමයි

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ ^_^

      ජය වේවා !

      Delete
  5. මේ දැරිවි මාස 15කින් මොකුත් ලියල නැත්තෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්.... ලියන්න තරම් හිතක් තිබ්බේ නැහැ පහුගිය ටිකේම... සමාවෙන්න ඕන ඒකට...

      Delete