අහස සේ නුඹ අනන්තයි....

Sunday, December 30, 2012

සුබ සිහින පිරි රැයක් ඔයාට..!!!


හිරූ ... ආදරය කියන්නෙ හරි පුදුම හැගීමක් නේද ..,
අපි අපෙන් වෙන්වෙලා කොයිතරම් කල්ද...
මේ මහ රෑ.. නිදන දෙනෝදාහක් අය අතරෙ..
අද ඔයා කොහිද, මම කොහිද, කියල අපි කවුරුවත් දන්නේ නෑ..
එත් අපේ මතකය …. හ්ම්ම්.....,


මට තාමත් මතකයි රත්තරන්.......
එදා අපි දෙන්න නොදරුවො වගේ මහා වැස්සකට ඔහේ තෙමුණු හැටි..,
මහ අනෝරා වැස්සේ.. ඔයාට මතකද...,
මම ඔයා මගේ පපු උනුහුමට ගුලිකරන් හිටිවෙලේ මිනිස්සු අපි දිහා බල බල ගිය හැටි..
ඔයා අදටත් දන්නේ නෑ .. මම එදා ඔය උනුහුමට ලංවෙලා අඩපු හැටි....,
වෙන්වෙන්න යන අපි ගැන හිතිල අසරණකම වාවගන්න බැරුව අඩපු හැටි...
මගේ අස් වලින් උනපු කදුළු., කම්මුල් දිගේ බේරිලා ඔයගෙ මූනට වැටුනත්..,
එත් ඔයා දන්නේ නෑ සදු.. .. අදටත් ඒ කදුළු කට ඔයාට වැහි බින්දු විතරමයි ...
හ්ම්ම්ම්.. එත් මට..,
ඒ කදුලුවල උණුහුම්
ගතිය තාමත් මේ ඇස්වලට දැනෙනව රත්තරන් ඒ වගේම...

මම දැන් නිදන්න යන්නේ... ඔයා මතක් වුණා පුරුද්දට වගේ...


මගේ ඇස් අතගාල බැලුව මම.., හිහ්., 
එදා වගේමද අදත් මේ ඇස්දෙක කියල බලන්න වගේ.... හ්ම්ම්ම්..

හිරූ ., දන්නවද ඔයා .. මගේ ඇහි පිල්ලන් යටින් මට යාන්තමට සීතලක් දැනුනනේ අදත්.,
හ්ම්ම්., මම හිතන්නේ මට ඒ දැනුනේ නිකම්ම නිකම් සීතලක් නෙමේ
හිරූ ...
අපි අපේ නොවුනත්.., කාලය අපෙන් ඈතට පැන ගියත්.., ඒ ආදරේ මතකයන්.,
තවමත් අපි තුල සජීවී බවට පෙන්වන කදුලක සීතලක් ...
ඔව් ඔයා නොදන්න., නමුත් ඔයා වෙනුවෙන්ම වැටුණු., මගේම තවත් කදුලක සීතලක්..


කොතැන කවුරු ලග වුනත් මේ මොහොතෙ ඔයා .. සතුටින් දොගන්න මගෙ රත්තරන්.... 
              සුබ සිහින පිරි රැයක් ඔයාට..!!!


No comments:

Post a Comment