අහස සේ නුඹ අනන්තයි....

Saturday, December 29, 2012

දයාබර හිරූ ...,


නුඹ හිරූ වෙලා..., මම සඳු වෙලා...,අද  අපි දෙන්නා දෙතැනක ඉදන් අපේ ආදරය  කවි පද වලින් ගෙත්තම් කරනවා. නුඹ අද මගේ ළඟ නැති උනාට,  නුඹේ ඒ පුරුදු සෙනෙහස මං ළඟ තනි රකිනවා. පරක් තෙරක් නොපෙනෙන මේ විසල් අහස වගේ නුඹේ ආදරයත් මට  අනන්තයි හිරූ.

ඔබ එක ඉවුරකි.. මම තව ඉවුරකි....
එකම ගඟක ගලනා... කිසිදා එක් නොවෙනා...
ඔබ නිල් අහසකි... මම මහ සයුරකි....
 

ලං නොවෙනා කිසිදා.. අනන්තයම මවනා...
ඔබ සඳ මඩලකි.. මම හිරු එළියකි..
දැකගත හැකි නොවෙනා.... එකම මගෙක කිසිදා...
ඔබ කුමුදිනියකි.. මම සියපත වෙමි...
රෑ දාවල පිපෙනා... සිපගන්නට නොහෙනා...

නුබ කඩුපුල වී.. මම තරුපති වී...
උපදින්නේ කවදා .. ජිවිත මග මතුදා....
අපි අපගේ වීලා.. සිහින සැබෑ වීලා




No comments:

Post a Comment