අහස සේ නුඹ අනන්තයි....

Tuesday, January 1, 2013

හ්ම්ම්ම්......


සොඳුරු යටගියාවේ පුංචි මතක සටහනක් මට අහම්බෙන් අද මතක් වුනා. ඒ තමයි හ්ම්ම්ම්........ මතකද හිරූ ඔයාට පුරුද්දක් තියෙනවා චැට් කරද්දී, කෙටි පණිවුඩ එවද්දී හැමවෙලේම හ්ම්ම්ම්...... ගානවා.
එක දවසක් ඔයාගේ මේ පුරුද්ද අත් අරවන්න කියල මම කරපු දේ මතකද හිරූ... මම දවසක් ඔයාව පොරොන්දු කරවගත්තා අයෙත් චැට් කරද්දී හ්ම්ම්ම්... ගාන්නේ නෑ කියල. ඔයා ඒ පොරොන්දුව වූනෙත් හ්ම්ම්ම්... ගාගෙන. හී... හී ... මතක් වෙද්දීත් මට හිනා යනවා. ඇත්තටම අපි දෙන්නට හරිම සුන්දරයි, හරිම අහිංසක අතීතයක් තියෙනවා නේද හිරූ......

සෙනෙහසක් අකුරු කර.. සිත් දෙකක් අමුණමින්
ඔබට මතකද එදා අපි එක්ව ආදරේ කවියක් ලිව්වා...
මල්තුහින.. විහග ගී.. දම්පාට හීන.. සමනල්ලු..
ඔබට මතකද අපේ.. ඒ කවිය හැඩ කෙරුවා..
ගුරු පාර.. තුරු වදුළු.. දොළ කඩිති.. රල පේලි...
ඔබට මතකද.. අපි එක්ව ලියු ඒ කවිය.. ලගින් ඉද රස වින්දා...
මහමෙර.. සද තරුට.. සාගරේ ජල කදට..
ඔබට මතකද අපි එදා.. ඒ ආදරේ සම කෙරුවා..


 මට කියන් මම නැතිව... 
කොයිද කවි තාලයක්...
පදවැල් මමයි.. තාලය නුබයි...
මේ කවිය අපෙ විතරමයි ...♥ ♥ ♥


No comments:

Post a Comment