අහස සේ නුඹ අනන්තයි....

Tuesday, June 18, 2013

මම මගේ chat style එකට පට්ට විදියට වෛර කරමි.


කොතනින් පටන් ගන්නදැයි නොදනිමි. සිතේ හිරවී ඇති දේවල් වචන වලට හැරවීම මෙතරම් අසීරු දෙයක් බව මම නොදැන සිටියෙමි. කල් යාමේදී මට එය වැටහුණි. නමුත්... හැඟීම් වචන වලට හැරවූ පසු හිතට දැනෙන සහනය ද මෙතැකැයි කිව නොහැක. එය එක්තරා දුලබ ජයග්‍රහණයකි. මගේ ජයග්‍රහණයේ ප්‍රතිපලය මේ බ්ලොගයයි. එය විටෙක මට දින පොතකි, විටෙක දුක සතුට බෙදා ගන්න හොද මිතුරෙකි, තවත් විටෙක සමරු ඵලකයකි.

මම මහා කතුවරයෙකු නොවෙමි. කවියෙකුද නොවෙමි. පන්හිඳ හසුරුවන්නෙකු පමණක් වෙමි. වෙනසකට ඇත්තේ මම ලියන දේවල් පමණකි. නමුත්.... මම මගේ chat style එකට පට්ට විදියට වෛර කරමි. ලියන කලාවයි, චැට් කරන කලාවයි දෙකක් බව සැබෑය. මම අද ලියන්නේ මම වෛර කරන මගේ chat style එක ගැනයි.

 "ඇයි එහෙම වෛර කරන්නේ?" ඔබට එසේ සිතෙනු ඇත. හ්ම්ම්... මටද නැගෙන ප්‍රශ්නය එයමය. දිය හැකි ඍජු පිළිතුරක් මම සෙව්වෙමි. නමුත් හම්බුනේ දිගු ආවර්ජනයකි. එය හරිද වැරදිද තීරණය කිරීම ඔබේ අතේය.

 chat කියූ සැණින් බොහෝ දෙනාට මතක් වනුයේ facebook chat කිරිල්ලයි. තවද twitter chat, yahoo chat, Gmail chat, skype chat, SMS chat යනාදී chat ජාති ගොඩකි. ජාති කෙසේ වෙතත් chat, chat මය, මගේ අවාසනාවටද කොහෙද මම මිනිසුන්ව බොහෝ සෙයින් විශ්වාස කරමි. 'විශ්වාසය' මගේ ජිවිතයට බොහෝ කරදර රැසකට මුල පුරා ඇති කිවොත් ඔබ පුදුම වනු ඇත. එය සැබෑවකි. ඕනෙවට වැඩ කිසිවෙකු විශ්වාස කිරීම ප්‍රශ්න රැසකට අත වැනීමකි. 

 මම තරම් නිහඬ බව අත්විදින තවත් කෙනෙක් ඇත්දැයි සිතේ. මම කතා කරනවට වඩා නිහඬව කරන chat වලට ඇලුම් කලෙමි. මම සිතුවේ මා මෙන්ම අනෙක් අයත් අවංක, යහපත් ඇතියි කියාය. මට වැරදුනේ අන්න එතනදිය. අද මේක ලියන්න මග පෑදුනේද ඒ වැරදුනු තැනින්ය.


මම facebook ජාලයට එක වුයේ මිට වසර 3කට පෙරදීය. එදා බුකිය ගැන මෙලෝ හසරක් නොදැන සිටියෙමි. හොයා හොයම හැමදේම ටික ටික අවබෝධ කරගත්තෙමි. අද බුකියේ හැම අස්සක් මුල්ලක් ගැනම දනිමි. පේජස් දෙකක් ඇඩ්මින් කරමි. අන් අයටද settings වල ගැටළු විසදාගැනීමට උදව් කරමි. ඒ මා ලද දියුණුවේ තරමය. අද මම use කරන්නේ දෙවැනි FB ගිණුමයි, පළමුවැන්න මට එපාම විය. ඒ කෙළවරක් නැතුව friend reqest පිළිගැනීමේ ප්‍රතිපලයයි. 1,500ක් දිග friend ලිස්ට් එකක් ඇතත්, දන්නා හදුනන අය අතේ ඇඟිලි තරමටත් වඩා අඩු ගණනක් විය. එය delet කර දෙවැනි ගිණුම ඇරඹුවෙමි. දැන් friend ලිස්ට් එකේ 150ක් වත් නැත. නමුත් සැහීමකට පත් වීමට කරුණු රැසක් ඇත. ඒ ටික දෙන වුවද මා හොදින් හදුනාගත් අය වීමයි. 


 මම online දාන්නේ කලාතුරකිනි. ඒ හැමෝම කියන විදියට ලොකු සීන් දැමීමට නොවේ. මගේ chat style එකට වෛර කරන නිසාවෙනි. ඉතාම සමීප යහළුවන්ට කියා මට සිටින්නේ බස්සා, ජිම්, බොක්ක, ඉබ්බි, චානි, චමී, PS පමණකි. (මේ මගේ යාලුවන්ගේ අන්වර්ථ නාමයන් විනා සත්තු නොවේ. :P) ඉදලා හිටලා හෝ ඔවුන්ගෙන් massage එකක් වරදින්නේ නැත. ඔවුන් සමග හැර අන් අය සමග chat කිරීමට මම පැකිලෙමි, ඒ ද එකී හෙතුවමය.

අනේ ඔය හලීම friendly... 
ඔයා නම් චෝයි... 
ඔයා මාර හොදයි හලෝ... 
ආස හිතෙනවා ඔයත් එක්ක චැට් කරද්දී...
 you are so sweety... 

මේවා මුලදී නම් මට මිහිරි වදන් වුවද දැන් නම් මට අරහන් ය. සැබෑම කරුණ නම් කිසිවෙකු මා සමග chat කළහොත් දිගටම chat කිරීමට සිතීමය. මා ද කිසිවෙකු අමනාප කරගැනීමට අකමැති නිසාවෙන් චැට් කරමි. නමුත්... මෙසේ දිගට ඇදෙන chat එකෙන් බොහෝ දෙනා තම ජිවිත කතාවම මා හමුවේ හෙළිදරව් කරයි. කෙනෙක් boot sad එකෙනි. තව කෙනෙක් 'මට තාම කෙල්ලෙක් නෑනේ අෆ්ෆා. බැයිද හොයලා දෙන්න' කියයි. තවත් කෙනෙක් 'ඔයා හරිම ලස්සනයි. profile pic එක මාර කියුට්. bf කෙනෙක් ඉන්නවද අහයි.' බොහොම අතලොස්සක් දෙනා තමයි සැබෑ මිතුදමින් සැප දුක අහලා, විහිලු තහළුවෙන් ජොලියෙන් ඉන්නේ.

 මට ලැබුණු ආදර යෝජනා, විවාහ යෝජනා ගැනද නොකියාම බැරිය.එසේ යෝජනා ගෙනා සමහරු ලංකාවෙත් නැත. තවත් සමහරුන්ට chat කරපු දවස් දෙක තුනට මට ආදරේ හිතිලා ය. මුලදී මෙය මට මහත් අපහසුතාවයක් වුවද පසුව ටිකෙන් ටික හුරු විය. ඒ නිසාම නැවත එවැනි තත්වයන් ඇතිවීමට ඉඩකඩ අහුරා දැමුවෙමි. ඒ කිසිවෙකු සමග chat කිරීමෙන් වැළකීමයි. එය මාගේ ප්‍රතිපත්තියයි. FB පමණක් නොව අන් සියල්ලේද එක හා සමානය. සමහරවිට ඔයාලත් මේ අත්දැකීම් විදලා ඇති. 

 "මිනිස් කුසින් බිහිව, මිනිසුන් අතරම හැදී වැඩි, මිනිසාගේ කරින්ම අවසන් ගමන යන,තේරුම් ගන්න බැරි මෙලොව සිටින එකම සතා ද මිනිසා වේ."

 ඉතින් ඔන්න ඕකයි මම මගේ  chat style එකට පට්ට විදියට වෛර කරන්න හේතුව.

 ප / ලි : මම මේ කතාවට දාන්න ගැලපෙන මාතෘකාවක් හොයා හොයා ඉද්දි තමයි දැක්කේ කුරුළු අයියගේ සංකල්පනාවක්  තිබ්බා, "ෆේස් බුක් ස්මයිලිස් වලට පට්ට විදිහට වෛර කරමි" කියලා. ඉතින් ආයේ දෙපාරක් හිතුවේ නෑ. එඩිට් පාරක් දාල ගත්තා ඒකම මමත්. කුරුලු අයියේ සමාවෙවා. 

හැඟීම් වලට වහල් නොවී, තමන්ගේ දුර්වලකම් මගහරවාගන්න කිසියම් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම වැරදි නැහැ. ඒ ගැන දෙපාරක් හිතන්න එපා. ජිවිතේ විදින්න ලස්සනට. විදවන්න එපා.

8 comments:

  1. අපෝ fb එකේ චට් කියලා ඔචර මොනවා කතා කරන්නද ? මමනම් අකමැතිම දෙයක්.

    ReplyDelete
    Replies
    1. හී.. හී... මටත් පේන්නම බැරි නිසයි අනේ මෙහෙම ලියන්නත් හිතුනේ. :P

      Delete
  2. මේව මෙහෙම පෝස්ට් දාන්න තරම් දේවල් දාල ලෝකෙටම කියන්න තරම් දේවල්ද කින්නරාවියේ. තමන් කැමතිනම් චැට් කළා අකමැතිනම් නිකං හිටියා. මේක කොටන්න ගත් කාලෙ තව ලස්සන නිර්මාණයක් කළානං මරුනේ.

    ReplyDelete
    Replies
    1. හිකිස් ... ලියන්න දෙයක් හොයද්දි මේකමයි හිතට ආවේ නලින් අයියේ.
      එක අතකට මේකත් ලත්තන නිර්මාණයක් නොවැ :D

      Delete
  3. //මේ මගේ යාලුවන්ගේ අන්වර්ථ නාමයන් විනා සත්තු නොවේ.// :D

    මං නම් චැට් කරන්නෙම නැද්ද කොහෙද.. ඒක ම්ට මහ කම්මැලි වැඩක්. ලින්ක් එකක් ශෙයර් කරන්න විතරයි ඕකට යන්නෙ. :)

    ReplyDelete
    Replies
    1. සමහරු කියන්නේ කම්මැලිකම මකාගන්න ෆේස් බුක් යනවා කියලනේ. අනේ මන්ද අෆ්ෆා..
      හෙක් හෙක් හෙක්.... :D

      Delete
  4. හැ.. බොලා fb එකේ චැට් කොරන්න ඔච්චර අකමැතිද? හපොචියේ????

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් හෙක්...

      නෑතුව මයිනෝ... :P

      Delete