අහස සේ නුඹ අනන්තයි....

Saturday, June 1, 2013

"වැස්ස"... නුඹ හරි හැඩයි නොවැ .....




මං ආසයි තනිකමට....
එහි ගිලී තියෙන නිහැඬියාවට,  

අඳුරු බවට මං හුගාක් ආසයි.
අහස අඳුරු කරපු වැහිබර හැන්දෑවක
තනිකම තුරුල් කරන්
ජනේලයෙන් එළියේ බලාගෙන ඉද්දි   

එකින් එක වැහි බිඳු වැටෙන හැටි,   

විදුලි කොටන හැටි, හයියෙන් සුළං හමද්දී
ගස්වැල් පැද්දෙන හැටි
බලන් ඉන්න ආසයි මං....

ඒක හරියට භාවනාවක් වගේ.
හිත නිවෙනවා.                                                      

වහලේ දිගේ එන වැහි බිඳු
චුටි දිය ඇල්ලක් වගේ බිමට වැටිලා 

මිදුලේ දිය පාරවල් හදාගෙන
ගලාගෙන යන හැටි දකිද්දී,
කඩදාසි බෝට්ටු හදලා
පා කරන්න හිතෙනවා
පොඩිත්තෙක් වගේ.



ගෙයි දොරකඩ පඩියේ ඉදන්
වහලේ දිගේ බේරිලා බිමට වැටෙන
දිය බිඳු වලට ඇත දිගු කරන්
හිරිකඩින් තෙමෙද්දී...,
හමාගෙන එන සීත සුළං රැල්ලකින්
ඇඟ හිරිගඩු පිපෙනකොට....
ජිවිතේ කොයිතරම් ප්‍රශ්න කන්දරාවක් තිබ්බත්
මොහොතකට හැමදේම අමතක වෙනවා..
හිතට දැනෙන්නේ පුදුම සැහැල්ලුවක්....


2 comments:

  1. මේ දවස් වල අපිට නම් වහිනව එපා වෙන්නම.. ඉර දැක්කෙ නෑ දවස් ගාණකින්.. :D
    නිර්මාණය ලස්සනයි...

    ReplyDelete
  2. හී....... අපිටත් එහෙම තමා. එක දිගට වැස්ස දැකලා, වැස්ස ගැනමයි ලියවෙන්නෙත් මේ දවස් වල. :P
    ටැංකිව් හොදේ :D

    ReplyDelete