අහස සේ නුඹ අනන්තයි....

Friday, September 19, 2014

පුoචි බිම් මලක් වෙමි මම..... තනිව හිනැහෙන....



තෙතබරිතව දිරාගිය මියයන්නට අර අදින 
දිරාපත් දැවැන්ත වෘක්ෂයක් පාමුල පිපිණු 
සුවඳක් නැති ලස්සනක් නැති හුදෙකලා 
පුoචි බිම් මලක් වෙමි මම තනිව හිනැහෙන..... 


සිව්දිග අරණේ හරිත පැහැයෙන් බැබළෙන  
අතු පතර විදහාගත් සද්ධන්ත රුක් පෙළ 
කළුවරයි හාත්පසම සීතලයි දසතම 
ඉඳහිට වැටෙන හිරු කිරණක් හැරුණු කොට.... 


සීතලෙන් පින්නෙන් පෙගුණු ගත සිත ඉඳහිට 
නැවුම් හිරු කිරණක පහසින් නැහැවෙන විට 
වසාගෙන දෙනෙත් විදහාගෙන දෑත් හුස්මක් ගෙන දිගු 
විඳිමි මා ලද චමත්කාරජනක දිවියේ අසිරිය.... 


නිසොල්මන්ව හිදින විට සුපුරුදු හුදෙකලාවේ 
පෙනෙන නොපෙනෙන දුරින් යයි කුහුඹුවන් රැළක් 
කඩිසරව දුවයි එඩිතර සිතින් පුoචි වුවද ගතින් 
මටත් සිතේ යන්නට ඇත්නම් ඔවුන් පසුපස්සේ..... 


මෙයයි මගේ ජීවිතය මෙයයි මගේ ලෝකයම 
සොබාදහම් මාතාවගේ තුරුලේ හිදින 
දහවල ගෙවී රැය උදා වී දවස ගෙවී යයි 
මම තවම පුoචි බිම්මලක් තනිව හිනැහෙන....

4 comments:

  1. පුංචි කියන කොට මොකක්ද අර ගහන බිංදුව සකි..?

    ReplyDelete
    Replies
    1. හික්ස්., බින්දුව ඔහොම වත් දාගත්තේ සැහෙන්න try කරලා.. කලබලෙන් පෝස්‍ට් එක දැම්මෙ.. අක්ෂර දෝෂ ගැන සමාවේවා :p

      Delete
    2. සිංහල සිලෙක්ට් කරලා එක්ස් අකුර ගහන්න. සිංගිල්ස් වලින් නං මම දන්නෑ ගහන විදිය

      යූසීඑස්සී කන්වර්ටර් එකේ ඒ හෙල්ප් එක තියෙනවා නේද?

      Delete
  2. සින්ග්ලිෂ් වලින් ටයිප් කලේ. ඒකයි අවුල්. තැන්ක්ස් හොදේ. ^_^

    ReplyDelete