අහස සේ නුඹ අනන්තයි....

Monday, September 8, 2014

පෙරවදනක් නැති අප පෙම් පුරාවතට... පසු වදනක් කුමටද තව නුඹගෙන්....



මට ඔයාව ගොඩක් මතක් වෙනවා බබා...........
හැම මොහොතෙම මට ඔයාව මතක් වෙනවා............
මං තාමත් ඔයාට ආදරෙයි..........
මාව දාල යන්න තරම් ඔයාට මාව එපා උනේ ඇයි මගෙ මැණික.......???

මෙච්චර කාලෙකට පස්සෙද ඔයාට මේ වචන ටික කියන්න මතක් උනේ..  අන්තිම මොහොත වෙනකන් ඉවසලා බැරිම තැන මම හැමදේම අමතක කරලා දාන්න හිත හදාගත්තට පස්සෙද මේ වචන ටික කියන්න ඕන උනේ..  ම්ම්ම්ම්.... හේතු දාහක් කිය කිය ඔයා මාව ඈත් කරද්දී චූටි චූටි හේතු හොයාගෙන බැනුම් අහගෙන හරි මම ඔයත් එක්ක හිටියා මෙච්චර කල්... ඉවසීම රතු කට්ට පනිනකන්... දැන් හැමදේම ඉවරයි... හැමදේම...  මන් දවසක් ඔයාට කිව්වා... හැමදාම සමාව දීලම කවදා හරි දවසක මට ඔයාට සමාව දෙන්න බැරි දවසකුත් එයි කියලා... අද තමයි ඒ දවස... ඔයත් පව්... මමත් පව්...  ඉන්න තැනක සතුටින් ඉන්න ඔයා... එච්චරයි මට ඕනේ... 

6 comments:

  1. කවදාක හෝ දෙදෙනාගේම උරුමක්කාරයින් මුණ ගැසේවි...

    ReplyDelete
  2. හ්ම්ම්.. මිනිස්සුන්ට ජීවිතේ එපාම කරන මොහොතක් ගැන ලියලා තියෙන්නේ.. එච්චරයි මට නම් කියන්න තේරෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි සහෝ... එපා වෙලා හැමදේම දැන්... :'(

      Delete
  3. Post එක ලිව්වේ ඔයාට නෙමෙයි. වැරදියට තේරුම්ගන්න එපා. ඔයා හිත හදාගත්ත එක හොඳයි. ඒකට මට සතුටුයි.

    ReplyDelete
    Replies
    1. මම දන්නවා මට නෙමේ කියලා... :D අවුලක් නෑ තෑන්ක්ස්...! :-)

      Delete