අහස සේ නුඹ අනන්තයි....

Sunday, March 8, 2015

එහෙන් මෙහෙන් අකුරු අමුණලා... ගලපාගත්තා මං පුංචි වදන් ටිකක්....





සුපුරුදු ජීවිතේ සුපුරුදු දවසක් ගෙවිලා යද්දී....... එකපාරටම අවුරුදු ගානක අතීතයේ දෙයක් මතක් වෙලා මුළු හිතම තිගැස්සිලා ගියේ අහම්බෙන් වගේ..... මං ලැප් එකේ වෙලාව බැලුවා... පාන්දර 1.54යි දැන්... මෙච්චර වෙලා නවල් එකක් බල බල හිටියේ... මට ඉතිං පොතක් පත්තරයක් අතට ගත්තොත් වෙලාවක් අවේලාවක් නෑ... පොත් දහස් ගණන් අස්සේ වැඩ කළත් ඔෆිස් එකේදි පොතක් කියවන්න ෆ්‍රී වෙලාවක් හම්බෙන්නේ එහෙමත් දවසක තමයි... ඒ හින්දා මං වැඩිපුරම කරන්නේ නිවාඩු දවස් වල නෙට් එකෙන් පොත් PDF ඩවුන්ලෝඩ් කරගෙන බලන එක... හැබැයි ඉතිං පොතක් කියවනවා වගේ ආතල් නෑ ලැප බදාගෙන PDF වලින් පොත් කියවන්න ගියාම... එකදිගට ලැප දිහා බලන් ඉදල ඇස් කකියන්නත් ගන්නව... මාත් අතාරින්නෑ හැබැයි.... ඔහොම ඉද්දී තමා දැන් පොත් කියවිල්ල පැත්තකට දාලා බ්ලොග් එකට ආවෙ කුරුටු ගාලා යන්න කියලා... ඉදල ඉදලම මමත් බ්ලොගෙකට එන්නෙ මේ වගේ මහ පාන්දරක තමා.... අම්ම දැක්කොත් ඉතිං සොරිම තමා නිදිමරනව කියල බඩ පිරෙන්න අහලන්න පුළුවන් කැත නැතුව.... ඉස්සර නම් පෝස්ටුවක් ලියලත් ඉවර වෙලා මාතෘකාවක් හෙව්වේ පබ්ලිෂ් කරන්න... දැන් ලියන්නත් මාතෘකාවක් ඕන මට...... ලොකු වෙනසක් තියෙනවා දැන් එදා හිටපු මමයි අද ඉන්න මමයි අතර.... හම්මේහ්...... ලොකු පිම්මක් ඒකත්.... 

හප්පේ මදැයි මං කුරුටු ගාල තියෙන තරමක්... මේවායේ අගක් මුලක් මටවත් හොයාගන්න බෑ දැන්.... :D හැබෑට මං මේ මොනාද ලියන්නේ.... මොනා කුරුටු ගෑවත් මේ අකුරක් පාසාම මගේ ජීවිතේ ගැන ලියවිලා තියෙනවා කියලා නම් කියතෑකි... කෙටියෙන් කිව්වොත් මේක තමා මගේ ඩයරිය... හැබැයි මේ ඩයරිය නම් ඕන කෙනෙකුට කියවන්න අවසරය තියෙනව... මතක ඇති කාලෙක ඉදන් මං සතුටටත් ලිව්වා... දුකටත් ලිව්වා.... හිතට එන හැම විකාරයක්ම ලියන්නත් පුරුදු වෙලා හිටියා කවි නිසදැස් වලින්... වැඩ වැඩි උනාම ඒ පුරුද්ද අඩු උනා.... මොන ප්‍රශ්නයක් ආවත් හැමදේම වෙන්නේ හොඳට කියලා ටාර් ගාලා හිත හදාගත්තෑකි දැන් නම්..... 

මං අත්දැකීමෙන් තේරුම් ගත්ත දෙයක් තමයි දුක් විඳින තරමට, වැටී වැටී නැගිටින තරමට හිත හයිය වෙනවා පුදුමාකාර විදියට.... පඩි සියයක් තියෙන පඩිපෙළක පඩි පනහක් අමාරුවෙන් හරි නැගලා නැගල, පඩිපෙළ මැදට ආවම හිතට ගැම්මක් එනවා මෙච්චර දුර ආව නම් මට ඉහළටම නගින්න බැරි නෑ කියල.... වෙලාවකට ප්‍රශ්න වල හිරවෙලා හිතින් වැටුනම අඬ අඬ ඉන්නවා කිසි දෙයක් හිතාගන්න බැරුව.... පස්සේ තමන්ටම තේරෙනවා අඬලා වැඩක් නෑ කියලා... කඳුළු පිහිදාගෙන නැගිටිනවා ආපහු..... ඇත්තටම ජීවිතේ මෙහෙමයි, මේ වගෙයි කියල පණ්ඩිතයා වගේ කියන්න තරම් එච්චර වයසකුත් නෑ තමා මට... ඒත් මේ අවුරුදු විසි ගානට මං අත්විඳපු දේවල් වලින් ජීවිත කාලෙටම මතක හිටින්න පාඩම් ඉගෙනගත්තා..... යකා අපි හිතන තරම් කළු නෑ අනේ..... :D

කාලයක් තිබ්බා මං බොළඳව හැසිරුන.... :p වෙලාවකට මටම හිනා යනවා ඒවා මතක් වෙද්දී... නොතේරෙන කාලේ අපි කරපු වැරදි තේරෙන කාලෙකට ආවමවත් නිවැරදි කරගන්න බැයිනම් වැඩක් නැනේ නේද..... මං මුලින් හිතුවේ මගේ ජීවිතේ මහා අවුල ජාලාවක් කියලා.... ප්‍රශ්න එනවා මිසක් ඒවට විසඳුමක් නෑ, කෙලවරක් නෑ කියලා..... දැන් මටම තේරෙනවා මමයි අවුල් ජාලාවක් කරගෙන ඉදල තියෙන්නේ කියලා.... :D ඉතිං අමාරුවෙන් හරි වෙනස් වෙලා පිළිවෙලක් කරගත්තා ටික ටික.... හැබැයි ඉතිං අා මඟ කෙටියි.... යා යුතු මඟ දුරයිනේ.... ඊයේ එක දෙයක් කියපු මං අද මෙහෙම කිව්වට හෙට තවත් විදියකට කියයි එක්කෝ...... :p ජීවිතේ ලස්සන කරගන්න එකත් අවුල් කරගන්න එකත් අපේ අතෙයි රැඳිලා තියෙන්නේ.... 

ඉතිං මං දයාබරව කියන්න කැමතියි, ජීවිතේ විඳින්න.... විඳවන්න එපා..... :)



4 comments:

  1. ජීවිතේට ප්‍රශ්ණ නැත්නම් ඒකේ ඇති වැඩකුත් නැහැ එක අතකට.. ජීවිතේ හරියට දකින්න පුළුවන් නම් ජීවිතේ විදවන්නේ නැතුව විදින එක මම හිතන්නේ ලේසි වේවි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නං... :D
      (මං හිතුවෙ මේ මහ පාන්දර බ්ලොග් එකේ කුරුටු ගාන්නෙ මං විතරයි කියල... සංටූසයිඊඊඊඊ එසේ නොවීම ගැන :p )

      Delete
  2. ජීවිතය කියන්නේ ලස්සනට ගලාගෙන යන සුන්දර දෙයක් නෙමෙයි... අපි ඒ විදිහට බලාපොරොත්තු වෙන්නත් හොද නැහැ... ඒතකොට තමයි දුකක් අාවත් අපි වැටෙන්නේ... වේදනාවන් බලාපොරොත්තු වෙන්න ඔ්නේ... ඒත් ඒවා බලෙන් ලබාගත යුතු නැහැ..... ඔ්නේ දුකක් විදින්න පුළුවන් නම් ඒක තමයි ජීවිතය විදින්නට හැකි හොද ම ක්‍රමය

    ReplyDelete
    Replies
    1. මාත් එකඟයි කතාවට... තැලෙන තරමටනෙ යකඩයක් උනත් ගානට හැදෙන්නේ... ;)

      Delete