අහස සේ නුඹ අනන්තයි....

Thursday, May 15, 2014

අප්පච්චියේ.....




චුට්ටිම චුට්ටි කාලේ ඉඳන් 
ඔය උණුහුමේ තුරුල් වෙලා 
නැළවිලි ගී අහමින් 
නැළවුණු දෝණි මමයි තාමත්
අප්පච්චියේ...

දිනෙන් දින ලොකු මහත් උවත් 
එදා මෙන්ම අදටත්
ඒ දයාබරිත උණුහුමම සොයනා 
ඔබේ පුංචි කුමාරිකාව මමයි 
අප්පච්චියේ....

මහා රෑ නොනිදා අවදිව 
ඔබේ සෙනෙහේ උල්පත සිහිකර 
නිහඬව ඉකිබිඳ වැළපෙන 
සීමා මායිම් නැති පිය සෙනෙහසක 
උරුමක්කාරි මමයි 
අප්පච්චියේ....

සුබ උපන් දිනයක් වේවා කියන්නට
නිදුක් නිරෝගී දිඝායුෂ පතන්නට
දෙපා වැඳ නමදින්නට 
අද ඔයා නැහැනේ මන් ළඟ
දුරක ගියේ ඇයි මගේ 
අප්පච්චියේ..... 


ඔබට නිවන් සුව මගේ රත්තරන් අප්පච්චී...!!!
මතු උපදින හැම භවයකදිම 
ඔයාගෙම දෝණි වෙලා ඉපදෙන්න 
පාරමිතා පුරනවා මන් හැමදාමත්...
ආදරෙයි ගොඩාරියක්....  

5 comments:

  1. ලස්සන අදහසක්...

    ReplyDelete
  2. මුදල් ගෙවලද ඇඩ් එක ප්‍රචාරණය කලේ... හික්ස්...

    පැමිණියාට තුති... ඔබේ අඩවියට එන්නම් අනිවා... ;-)

    ReplyDelete