අහස සේ නුඹ අනන්තයි....

Saturday, January 24, 2015

වැටහෙන් නෑ... ආදරයක්... රිදෙනවා මෙතරම්......



හැමදාම ඔයාට කතා කරල මං රිද්දගන්නවා... එහෙම නොවුන දවසක් තිබ්බොත් අහම්බයක් තමා... ඔව්.. මං අඩනවා.. අඩලම හිත සැටිස් කරගන්නවා.. ආයෙ පහුවෙන්දටත් ඒකම කරනව... මං ඒ ගැන හිතන්නේ නෑ... වරු ගානක් අඬපුවා අමතක කරල විනාඩි ගානක් ඔයත් එක්ක කතා කරපු සතුටින්, ඔයාගෙ සතුට මතක් කර කර ඉන්නව...
මේ අවුරුදු ගානට මං ඔයාගෙන් දැකපු ඒ රළු බව, ආඩම්බරකම අඩුවක් නැතුව තාම එහෙමයි... ඒත් මං ඔයාගෙන් දැක්ක අහිංසක හිතක් තියෙන අව්‍යාජ කොල්ලෙක්... ඔව් මං ඒ අහිංසකයටයි ආදරේ කරන්නේ... පොඩ්ඩ ඇත්නම් රිදෙන මේ හිතට මෙච්චර රිදෙන්න වචන වලින් දමල ගහද්දි ඇත්තමයි මේ මමද ඉවසන් ඉන්නෙ කියල හිතෙනව අනන්තවත්...

ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා හිත නන්නත්තාර උනාම මට හිතෙන්නෙම ඔයාට කතා කරල හිත නිදහස් කරගන්න... ඒත් මට වැරදෙනව හැමදාම... ඔයා කරන්නේ පෑරුණ තුවාලෙ මහ දරුණු විදියට තවත් පාරල දාන එක... ආයේ මුල ඉදන් මම තනියම හිත හදාගන්නවා... ඒ ඔයාගේ හැටි වෙන්න ඇති.. මේ මගේ හැටි වෙන්න ඇති...
මට තියෙන්නෙත් මහා මුරණ්ඩු හිතක්... මටවත් මේච්චල් නැති හිතක්... හැබැයි ඔයා ළග එක තත්පරෙකින් කීකරුයි ඒ හිත... නමක් නැති අරුතක් නැති එක්තරා බැඳීමක හිර වෙලා අපි දෙන්නම... ඔයයි මමයි හැරෙන්න වෙන කවුද දන්නේ නේද අපි ගැන ඉතින්..



මතක නටඹුන් අතර වැතිරී 
නිල් අහස දෙස නෙත් යොමා 
සිටින විට සිත මට හොරෙන් 
ඉගිල යයි මා හැර දමා...

තැනින් තැන ඉගිලී ගිහින් 
කිසිම ගොදුරක් නොම ලබා 
නැවත මා වෙත පැමිණි මා සිත 
තැවෙයි වෙහෙසට පත්වෙලා....

විඩාපත්වුණු සිත නිවී 
නෙත් අගින් කඳුළක් නැගී 
ඒ කඳුළු කම්මුල් දිගේ 
ඉතා හෙමිහිට ගලාගෙන විත් 
වියළිලා යනු මට දැනේ...
වියළිලා යනු මට දැනේ...

" You' ll never understand how much I love you and, I' ll never understand why "

6 comments:

  1. අපි දැන දැනම ඕනකමින් හිත රිද්ද ගන්න වෙලාවල් වල ඇයි එහෙම කරන්නේ කියලා අපිවත් හරියට දන්නේ නෑ.. ඒත් නිතරම ඒ දේම කරනවා.. ඒක ආදරේ හැටියක් වෙන්න ඇති එක්කෝ..

    ReplyDelete
  2. නිර්මාණය ඉතා අගනේය.......................

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ඈ., ඒත් අනේ ඉදල හිටල වත් අඩුපාඩුවක් කියන්නකො... :p

      Delete
  3. මොළේ පෑදෙන්නෙ කවදද.....................???

    ReplyDelete
    Replies
    1. මේ පෑදිලා තියෙන තරම මදෑ... -_-

      Delete