අහස සේ නුඹ අනන්තයි....

Saturday, October 18, 2014

සිහින ලොවක් දුටුවා මතකයි... සිහින ලොවින් ආවා මතකයි...




මගේ ජීවිතේට මහ ගොඩක් කියලා හීන තිබ්බේ නෑ බබා... 
ලොකු ලොකු ආසාවල් තිබ්බෙත් නෑ... 
නිදහසේ සැහැල්ලුවෙන් හිටියේ මම... 
ඔයා මගේ ජීවිතේට ආවට පස්සේ... 
ඔයා මගේ ජීවිතේ ලස්සන, අහිංසක හීනයක් උනා... 
ඒ හීනෙත් එක්ක මම ජීවත් උනා... 
හැම මොහොතකම, හැම තත්පරයකම ඔයා මගේ හිතේ උන්නා... 
ඒත්... 
මගෙමයි කියලා තිබ්බ ඒ අහිංසක හීනෙ බිඳලා දාන්න තරම් ඔයා නපුරු උනේ ඇයි රන්... 
දුක හිතුනේ නැද්ද චුට්ටක් වත් මං ගැන... 
කියන්න මට... 
උන දේවල් මට තාම හීනයක් වගේ... 
අදටත් මම ජීවිතේ ගැන බලාපොරොත්තු තියාගන්න බයයි ඒ හැමදේම හීනයක් වෙලාම යයි කියලා... :(

සිහින ලොවක් දුටුවා මතකයි...
සිහින ලොවින් ආවා මතකයි...


7 comments:

  1. ආදරේ කලේ ඇත්තට. ඒක ඔයා දන්නවනෙ බබා? ඔයාම තමයි මාව එපා කරගත්තෙ. දැන් මට කවුරු ගැනවත් ආදරේ හිතෙන්නෙ නෑ බබා. තනියම ඉන්න තරමට ජීවිතේ ප්‍රශ්ණ අඩුයි.

    ReplyDelete
    Replies
    1. මට කියන්න කිසිම දෙයක් නෑ රන්... මගේ හුස්ම ටික තියෙනකන් ඒ ආදරේ මගේ හිතේම තියෙයි... ඉන්න තැනක හොඳින් ඉන්න.. බුදු සරණයි !

      Delete
    2. පරිස්සමින් ඉන්න බබා.

      Delete
  2. හැමදාම වරදින්නේ නෑනේ.. හරි යන දවසකුත් එයි....

    ReplyDelete