නුඹ හිරූ වෙලා..., මම සඳු වෙලා...,අද අපි දෙන්නා දෙතැනක ඉදන් අපේ ආදරය කවි පද වලින් ගෙත්තම් කරනවා. නුඹ අද මගේ ළඟ නැති උනාට, නුඹේ ඒ පුරුදු සෙනෙහස මං ළඟ තනි රකිනවා. පරක් තෙරක් නොපෙනෙන මේ විසල් අහස වගේ නුඹේ ආදරයත් මට අනන්තයි හිරූ.
අහස සේ නුඹ අනන්තයි....
Thursday, August 8, 2013
සැඟවී ගිය නුඹේ සෙනෙහේ.... හද රිද්දනවා රහසේ....
= බබා
ම්ම්ම්ම්... කියන්න පැටියෝ
= මo ඊයේ හීනෙන් බය වෙලා අහැරුනා... දොයිය ගියෙත් නැ එළි වෙනකන්...
ඈයි පැටියෝ ඒ..? ඉතින් මට ගන්න එපැයි ඒ වෙලාවේ...
= පාන්දර 2ට බබාව අහැරවන්න හිතුනේ නැ මට... පව්නේ මගේ වස්තුව...
ඒත් ඔයාට අයිතියක් තියෙනවා පැටියෝ ඒකට.. මීට පස්සේ ඕන වෙලාවක මට ගන්න හොදේ... ළග නැතත් ළගින්ම ඉන්නවා මගේ පැටියා ගාවින්... තෙරුනාද සුදූ...
= යා... උම්ම්ම්ම්ම්ම්ම්ම්මා....
උම්ම්ම්ම්ම්ම්මා.... දැන් හොද ළමයා වගේ දොයියගන්න ටිකක්... ඔලුවෙ කැක්කුම හැදෙයි නිදිමරපු නිසා...
= නින්ද යනකන් ළගින් ඉන්නකෝ මන් ගාවින්... මට පාලුයි බබා...
කෝ එහෙනම් එන්න පැටියෝ මට තුරුල් වෙලා දොයියගන්න මැණික... උම්ම්ම්ම්මා...
= තුරුල් වෙලා විතරක් මදී බබා... අතයි කකුලයි ඈග උඩින් දාලා බදාගෙන දොයියන්නේ මo... හී...හී...
හා ඉතින් මගේ ඈග උඩම දොයියහන්කෝ එහෙනම්... මැට්ටී...
= ආහ්... මo මැට්ටියෙක් වගේද පේන්නේ... බතලයා...
හැපූ... පව් නෑද්ද මැණික මo... මෙච්චර හැන්ඩියා වගේ ඉන්න කොල්ලට බතලයා කියන්නෙපා...
= මටත් මැට්ටී කියන්නෙපා ඒනම්...
හලී... හලී.. දැන් ඈතී වලී දැම්මා... ගුටි නොකා දොයියගන්න සුදූ... ඈහැරුනාම මට ගන්නකෝ
= හා... උම්ම්ම්ම්ම්ම්මාහ්.... ආදරෙයි ගොඩාක් මගෙ වස්තුවට...
උම්ම්ම්ම්ම්මා.... උම්ම්ම්ම්ම්ම්මා.... මාත් ආදරෙයි මැණිකට... ස්වීට් ඩ්‍රීම්ස් බබා...
අදින් පසුව නෑ අප හමුවන්නේ...
මේ අවසන් දිනයයි.....
සසර පුරාවට අත්වැල් බැඳ ආ
ගමන මෙයින් නිම වෙයි.....
වරද මගේදැයි...
වරද ඔබේදැයි
නොඅසමි ඔබගෙන් මතු දවසේ...
එකම මගක යන දෙදෙනෙකු වෙමු අපි
නන්නාදුනනා අය විලසේ...
Wednesday, July 24, 2013
කෙටි කලකින් හමු වී... මගේ ජීවිතේට පැමිණි... ලස්සනම සිහිනෙකි ඔයා...
= බබා... බඩ්ඩක් කියන්නද...
කියන්න සුදු මැණික....
= ම්ම්ම්ම්....
කියන්න වස්තු... මං අහගෙන ඉන්නේ...
= මේ... මම...
කියන්න ඉතිං...
= මම.... මම....
කියහන්කෝ සෙද්ද..
= මං මගේ ඉබ්බට ගොඩාරියක් ආදරෙයි...
හික්ස්ස්...
= :/ මුකො හිනා වෙන්නේ.,,, තලායි හොදේ.
අනේ මගේ සුදු බබෝ.. මාත් මගේ ඉබ්බිට ගොඩාරියක් ආදරෙයි. මගේ පණටත් වැඩිය.කෝ දැන් හිනා වෙන්න චුට්ටක්...
= බෑ... තලාම තලයි... අරකක් දෙනකන් තලායි මං...
මොකක් දෙනකන්ද සුදු...
= අරකක්...
මොකක්ද බබා...
= අර අරකක්...
මොකක්ද බං අරක....
= නළලට එකක්... :p
හිහිහිහි... පිස්සි.. කෝ එන්න... උම්ම්ම්ම්මා... උම්ම්ම්ම්මා.... එකට දෙකක්ම දුන්නා. දැන් යාලුයි නේද.
= යස් බොස්... ^_^
මටත් අරකක් ඕනේ බබා...
= මගේ ඉබ්බාට නැතුව වෙන කාට දෙන්නද ... එකට දහයක්ම දෙනෝ මගේ පැටියට....
හැබැයි බබා නළලට නම් නෙමෙයි...
= ඕඕ... එනම්....
මෙන්න මෙතනට... තොල් වලට...
= හප්පේ... නලක් වෙලා හොදටම.. දෙනවා ගුටි හොදේ...
අනේ සුදු... එකම එකක්...ආදලෙයිනේ මගේ මැණිකට... මගේ ඉබ්බිගෙන් නැතුව වෙන කාගෙන් ඉල්ලන්නද මං ...
= මරනවා වෙන කාගෙන්වත් ඉල්ලුවොත් හලිද,,,,
හීහිහිහි.... එහෙනම් දීපංකො.....
= උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා...... ඔන්න දැන් හලි නේද බබා...
කෙල්ල බය උනා නේද මං වෙන කාගෙන් හරි ඉල්ලගනී කියලා... හිහිහි....
= අනේ යනෝ තඩියා.... වැඩේමයි බය වෙන්න....
හිහිහි.... මගේ හිත වල් නෑ කෙල්ලේ... දැන් බස්සි වගේ මුණ එල්ලගෙන ඉන්නේ නැතුව හිනා වෙන්න. උම්ම්ම්මා...
කියන්න සුදු මැණික....
= ම්ම්ම්ම්....
කියන්න වස්තු... මං අහගෙන ඉන්නේ...
= මේ... මම...
කියන්න ඉතිං...
= මම.... මම....
කියහන්කෝ සෙද්ද..
= මං මගේ ඉබ්බට ගොඩාරියක් ආදරෙයි...
හික්ස්ස්...
= :/ මුකො හිනා වෙන්නේ.,,, තලායි හොදේ.
අනේ මගේ සුදු බබෝ.. මාත් මගේ ඉබ්බිට ගොඩාරියක් ආදරෙයි. මගේ පණටත් වැඩිය.කෝ දැන් හිනා වෙන්න චුට්ටක්...
= බෑ... තලාම තලයි... අරකක් දෙනකන් තලායි මං...
මොකක් දෙනකන්ද සුදු...
= අරකක්...
මොකක්ද බබා...
= අර අරකක්...
මොකක්ද බං අරක....
= නළලට එකක්... :p
හිහිහිහි... පිස්සි.. කෝ එන්න... උම්ම්ම්ම්මා... උම්ම්ම්ම්මා.... එකට දෙකක්ම දුන්නා. දැන් යාලුයි නේද.
= යස් බොස්... ^_^
මටත් අරකක් ඕනේ බබා...
= මගේ ඉබ්බාට නැතුව වෙන කාට දෙන්නද ... එකට දහයක්ම දෙනෝ මගේ පැටියට....
හැබැයි බබා නළලට නම් නෙමෙයි...
= ඕඕ... එනම්....
මෙන්න මෙතනට... තොල් වලට...
= හප්පේ... නලක් වෙලා හොදටම.. දෙනවා ගුටි හොදේ...
අනේ සුදු... එකම එකක්...ආදලෙයිනේ මගේ මැණිකට... මගේ ඉබ්බිගෙන් නැතුව වෙන කාගෙන් ඉල්ලන්නද මං ...
= මරනවා වෙන කාගෙන්වත් ඉල්ලුවොත් හලිද,,,,
හීහිහිහි.... එහෙනම් දීපංකො.....
= උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා...... ඔන්න දැන් හලි නේද බබා...
කෙල්ල බය උනා නේද මං වෙන කාගෙන් හරි ඉල්ලගනී කියලා... හිහිහි....
= අනේ යනෝ තඩියා.... වැඩේමයි බය වෙන්න....
හිහිහි.... මගේ හිත වල් නෑ කෙල්ලේ... දැන් බස්සි වගේ මුණ එල්ලගෙන ඉන්නේ නැතුව හිනා වෙන්න. උම්ම්ම්මා...
Saturday, July 13, 2013
දෝණිගේ කතාව - ( 2 කොටස )
1 වැනි කොටසේ සිට >>>>
මාස එකහමාරකට පස්සේ දෝණි රෝහලෙන් ගෙදර ආපු දවස අයියට ඉහේ මලක් පිපුනා වගේ සතුටක් වුණා. වෙනදට වගේ දැන් නංගිත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්නේ කියලා තුටින් ඉපිලුනා. එත් පහු වෙද්දී අයියට තේරුම් ගියා නංගිට කන් ඇහෙන්නේ නෑ කියලා, ඒත් ඒ ඇයි කියලා ඒ පුංචි හිතට තේරුම් ගන්න බැරි වුණා, මොනවා උනත් නංගි ආපහු ආවනේ කියලයි අයියා නිතරම හිතුවේ.දැන් දෝණිට ජිවිතේ අලුත් දෙයක් වගේ පෙනුනේ. කිසි දෙයක් ඇහෙන්නේ නෑ.පේනවා විතරයි. වෛද්‍යවරු කියල තිබුනේ මාස 6ක් වත් දෝණිට විවේකය අවශ්‍යයි කියලා. ඒ නිසා දෝණිට නිහඬ ලෝකයට හුරු වෙන්න කල් තිබුණා. පාසැල් නොගියත්, පන්ති භාර මිස් දෝණිට ගෙදර ඉදන් කරන්න ගෙදර වැඩ පොත් වල සටහන් කරලා එවුවා.දෝණි අම්මගේ උදව්වෙන් ඒවා කරලා විෂය කරුණු අවබෝධ කරගත්තා, අකුරු, වචන, අදුරගන්න, ශබ්ද කරන්න පුළුවන්කම තිබ්බ නිසා දෝණිට ඉගෙනීම් කටයුතු කරගන්න පුළුවන් වුණා. මාස 6කට පස්සේ දෝණි අයෙමත් පාසල් ගියා. ටිකෙන් ටික දෝණි හැමදේටම හුරු වුණා. එත් ඇහෙන්නේ නැති නිසයි, කථන අපහසුතාවයයි නිසා පංතියේදී අසා ලිවීම, කියවීම ආදියෙන් නම් දෝණි දුර්වල මට්ටමක හිටියේ. කෙසේ හෝ දෝණි 5වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වුණා. ඇය මුළු පාසලටම නිහඬ ආදර්ශයක් වුණා.කාලයත් සමගම ඇය ඉගෙනීම් කටයුතු කෙරෙහි දක්ෂතාවයන් දැක්වුවා. සටහන් වලින්, පොත් වලින් පමණක් දැනුම හොයාගෙන ඇය 6වසරේ සිට නොකඩවා පංතියේ පළමු, දෙවන, තෙවන ස්ථාන ලබාගත්තා.සාමාන්‍ය පෙළ විභාගය ද හොදින් සමත් වුණා.
ඒ කාලයේදී දෝණිගේ ආදරණිය තාත්තා නැති වුණා. පොඩි කාලේ ඉදලම දෝණිට හුගාක් සමීප වෙලා හිටියේ තාත්තා. ඉස්කෝලේ ඇරිලා ඇවිත් දෝණිට කන්න බොන්න කෑම බීම ගොඩක් ජාති ගෙනල්ල, ෆ්‍රිජ් එකට දාල තියනවා, දෝණි කන්න ආස වෙරළු, ජම්බු වගේ දේවල් කොහේ හරි තියෙනවා දැක්කොත් ගෙනත් දෙනවා, දෝණිත් එක්ක ගොඩාක් වෙලා විහිලු කතා කියනවා. පිටතට නොපෙන්නුවට හුගාක් දැඩි බැඳීමක් දෝණියි, තාත්තයි අතරේ තිබුණා. දෝණි හුගාක් කම්පනය වුණා තාත්තාගේ වියෝවෙන්. දැන් දෝණිගේ ලෝකයේ ඉන්නේ අම්මයි, අයියයි විතරයි. තාත්තගේ වියෝව නිසා දෝණිට උසස් පාසලකට ඇතුලත් වෙන්න සිහියක් තිබුනේ නෑ. හිටපු පාසැලේ උසස් පෙළ පංති නැති නිසා කිට්ටුව තියෙන වෙනත් පාසලකට දෝණි ඇතුලත් වුණා. ඒ වෙද්දී උසස් පෙළ පංති පටන් අරන් තිබුනේ. හෙවනැල්ල වගේ අම්මයි, අයියයි හිටපු එක දෝණිට ලොකු ශක්තියක්, ධෛර්යක් වුණා.දෝණී හොදින් උසස් පෙළ විභාගය සමත් වුණා. විශ්වාස කරන්න.... ඇය ඉගෙන ගත්තේ සාමාන්‍ය පංතියක, සාමාන්‍ය ළමුන් එක්ක, ඇහෙන්නේ නැති ඇය සටහන් ලියාගත්තේ යාලුවන්ගේ පොත් බලාගෙන, යාලුවෝ ඇයට හුගක් උදව් කළා. විශ්ව විද්‍යාලයට අයැදුම් කරන්න පුළුවන්කම තිබුණත් දෝණි බාහිරව කලා අංශයෙන් උපාධිය හදාරන්න තීරණය කළා.දැන් ඇය දෙවන වසරට සුදානම් වෙනවා. ඒ අතරතුර දෝණි තවත් පාඨමාලා කිහිපයක් හදාරනවා. තව නොබෝ දිනකින් ඇය රැකියාවකටත් යොමු වේවි.
දෝණිට තවමත් කන් ඇහෙන්නේ නෑ. කතා කරන්න පුළුවන් හොදට. එත් ඇහෙන්නේ නැති මිනිස්සුන්ටත් වඩා හොදින් ඇය ජීවිතේට මුහුණ .දෙනවා, දෝණිට ඇහෙන්නේ නෑ කියලා කාටවත් විශ්වාස කරන්නත් අමාරුයි. බොරුවක් කරන්නේ කියල ගොඩක් අය දෝණිට දෝෂාරෝපණය කළා. එත් ඒ හැමෝටම පහු වෙලා හරි තේරුම් ගියා ඇත්ත තත්ත්වේ. දෝණි ඒ කිසි දේකින් වැටුනේ නෑ.අම්මගේ මග පෙන්වීම යටතේ දෝණි අනාගතේට මුහුණ දෙනවා. වෙලාවකට ඇහෙන්නේ නැති එක ගැන දුක නොහිතෙනවා නෙමෙයි. එත් සියල්ල උපේක්ෂාවෙන් දරාගෙන දෝණි අනාගතේ වෙනුවෙන් සටන් කරනවා, දෝණිගේ අම්මටයි, අයියටයි, දෝණි ගැන ආඩම්බරයි. දෝණිගේ තාත්තා ජිවතුන් අතර හිටිය නම්, ඒ තරමටම තාත්තත් ආඩම්බර වෙනවා ඇති තමන්ගේ පුංචි දෝණි ජීවිතේට මුහුණ දෙන හැටි දැකලා.
හිතන්න ගොඩක් දේවල් තියෙනවා නේද මේ කතාවේ. ලැබීම්, නොලැබීම්, අපි කාටත් උරුමයි. නොලැබුණු දේට වඩා ලැබිල තියෙන දේ ගැන හිතන්න ඕනි අපි නිතරම, කතාවක් තියෙනවා "අපි කරන පව් පින් අපේ පසුපස රෝදයක් වගේ කැරකිලා එනවා" කියලා. ඒ නිසා අපි අවංකව, සත්‍යවාදීව, උත්සහවන්ත වෙන්න ඕන. මම මේ කතාව ලියන තීරණය කලේ, මේ කතාවෙන් කිසිවෙකුට හෝ ආදර්ශයක්, මග පෙන්වීමක් ලැබේවා කියන පිවිතුරු චේතනාවෙන්.
____සඳ කින්නරාවි____
දෝණිගේ කතාව - (1කොටස)
හුස්ම ගන්නවා.... හුස්ම පිට කරනවා... කනවා... බොනවා... නිදාගන්නවා.... මේකටද අපි ජිවිතේ කියන්නේ ? හිතන්න මොහොතක්.. නැහැ. මේක නෙමෙයි
ජිවිතේ කියන්නේ. ජීවිතය පවත්වා ගැනීමක් විතරයි ඒ දේවල්.මේ ආනන්තරිය වූ
සංසාර ගමනේ එක්තරා නවාතැනක් විතරයි මේ ජිවිතේ කියන්නේ,ජිවිතයක් ලැබීම
සාමාන්‍ය දෙයක් උනත් තිරිසනෙක්, යක්ෂයෙක්, ප්‍රේතයෙක්, නොවී මනුෂ්‍ය
උත්පත්තියක් ලබන්න පෙර පිනක් තියෙන්න ඕනෙමයි, ඉතින්... බලන්න අපි කොච්චර
වාසනාවන්තද නේද? අතක් පයක් අහිමි නොවී, අංගවිකල නොවී, ඉපදෙන්න අපි ඊටත් වඩා
වාසනාවන්තයි. නමුත් මනුෂ්‍ය උත්පත්තිය ලැබූ පමණින් අපි අංග සම්පුර්ණ වෙන්නේ
නෑ. අපි හැමෝටම යම් දුර්වලකමක් තියෙනවා, මේක කියවන ඔබටත් යම් දුර්වලකමක්
තියෙනවා, නැහැයි කිවුවොත් ඔබ බොරුකාරයෙක්, මේක ලියන මටත් දුර්වලකම්
තියෙනවා, ඒවා මොනවද කියන එක මෙතනට අදාල නෑ. අපිට වැදගත් අපේ දක්ෂතාවයන්. ඒවා
හදුනාගෙන ඔප මට්ටම් කරගත්තොත් අපිට මේ දුර්වලකම් මග හැරගන්න පුළුවන්.
මම එක්තරා කතාවක් කියන්නයි හදන්නේ. එක ගැහැණු ළමයෙක් ගැන, දුර්වලකම් මැඩගෙන ජිවත් වෙන්න ඉගෙනගත්ත. අම්මයි, තාත්තයි, අයියයි, ඉන්න පවුලේ බාලයා.මේ ළමයා ඉපදුනාම හදහන බලද්දී කිහිප දෙනෙක්ම කියල තිබුණා ළමයට මාරක අපල තියෙනවා, ජිවත් උනත් හුගාක් බලපෑම් වලට ලක් වෙනවා කියලා.මේ මොන දේ උනත් අම්මටයි තාත්තටයි තමන්ගේ දෝණිට තියෙන සෙනෙහසේ අඩුවක් උනේ නෑ. දෝණි වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා කියල එයාල අදිටන් කරගත්තා. මව්පිය සෙනෙහස තරම් බලවත් දෙයක් මේ ලෝකේ තවත් නෑ කියන්න තවත් එක් සාක්ෂියක් තමයි මේ සත්‍ය කතාව.
හදහනේ අනාවැකි සැබෑ කරමින් දෝණි අවුරුදු 5දී හිටි හැටියේම අසනීප වුනා.දෝණිගේ
අම්මයි තාත්තයි වහාම දෝණිව රෝහල්ගත කළා. දවසෙන් දවස තත්වය දරුණු වුන මිසක්
අඩුවක් තිබුනේ නැහැ. දෝණිගේ අම්මා හරි හැටි කෑමක් බීමක් නැතුව රෑ දාවල්
නොබලා හෙවනැල්ල වගේ දෝණි ලගින් හිටියා. තාත්තත් කරන්න පුළුවන් හැමදේම
කළා.රෝහලේ දැඩි සත්කාර ඒකකයට දෝණිව ඇතුල් කලාම අම්මයි තාත්තයි හද පත්ලෙන්ම
හඩා වැටුණා. හැම පන්සලකටම, හැම දෙවාලේකටම, පල්ලියකටම හිතින් බාර උණා.එයාලා
එකම දෙයයි ඉල්ලුවේ, ඒ දෝණිගේ ජිවිතේ බේරලා දෙන්න කියලා. රෝහල්ගත වෙලා
හිටපු මාස එකහමාර පුරාම දෝණි ජිවත් වුනේ බෙහෙත් වල පිහිටෙන්. වෛද්‍යවරු ඇයට
පැය 6න් 6ට බෙහෙත් එන්නත් කළා.මොළයට විෂබීජයක් ගිහින් කියලයි වෛද්‍ය
වාර්තා වලින් හෙළි වුනේ, මේ තරම් අඩු වයසක දරුවෙක්ට මේ රෝගී තත්වයයි,
බෙහෙතුයි ඔරොත්තු දෙන්නේ නෑ කියලත්, මෙහෙම වුණාම බේරෙන්නේ 10%ක් වගේ ටික
දෙනෙක් කියලත්, බේරුනත් කිසියම් අතුරු අබාධයන්ට මුහුණ දෙන්න වෙනවා කියලත්
වෛද්‍යවරු දෝණිගේ අම්මයි තාත්තයි දැනුවත් කරලා තිබුනා, ඉතින් එයාල තේරුම්
ගත්ත දෝණීගේ ජිවිතේ අවිනිශ්චිතයි කියලා.
දෝණිගේ අයියා ඒ වෙනකොට 5වසරේ ඉගෙන ගත්තේ, ඒ වෙද්දී නංගිගේ තත්වේ තේරුම් ගන්න පුළුවන් කමක් නැති වුනත්, අයියට දැනුණා නංගිට ගොඩාක් අමාරුයි කියල.පිටතට නොපෙන්නුවත් අයියා හිතින් හඩා වැටුණා. දවසක් ඉස්කොලේදී යාලුවෙක් එක්ක "නංගිට සනීප නෑහැ, ඉස්පිරිතාලේ නවත්තලා" කියල හුගක් අඩලා තිබුණා. පන්තිභාර මිස් ඒක දැකලා එයාගේ හිත හැදුවා නංගිට ඉක්මනට සනීප වෙනවා, අඩන්න එපා කියල.,මේකට තමා සහෝදරත්වය කියන්නේ. සහෝදර බැදීම් හුගාක් ශක්තිමත්.අම්මගෙයි, තාත්තගෙයි, අයියගෙයි, දැඩි හිතින් කරපු ප්‍රාර්ථනාව නිසා හාස්කමක් වගේ දෝණි ටිකෙන් ටික සනීප වෙන ලකුණු පෙන්නුම් කළා. වෛද්‍යවරුන් පුදුම වුනා, දැන් අම්මගෙයි තාත්තගෙයි සතුට දොරේ ගලනවා. මේක ලියද්දි මගේ ඇස් වලත් කඳුළු පිරිලා. ඒ තරම් හැඟුම්බර, සංවේදී කතාවක් මේක. ටිකෙන් ටික සුව අතට හැරුන දෝණිගේ යම් වෙනසක් වෛද්‍යවරුන් දැක්කා, ඒ තමයි දෝණිට කන් ඇහෙන්නේ නෑ, කටහඩත් වෙනස් වෙලා කියලා. පරීක්ෂණ වලින් තහවුරු වුණා බෙහෙත් සැර දෝණිගේ උගුර, කන, නාසය සම්බන්ධ ස්නායු වලට බලපාල ස්නායු රෝගී වෙලා කියලා.වෛද්‍යවරු නම් කිවුවේ දෝණි හිටපු තත්වේ හැටියට මෙහෙම වෙලා හරි බේරුණ එක ලොකු දෙයක් කියලා. හැමදේම වෙන්නේ හොදට කියල අම්මයි තාත්තයි හිත හදාගත්තා. නමුත් හදවතින් හඬා වැටුනා,
2 වැනි කොටසට......>>>>> දෝණිගේ කතාව - ( 2 කොටස ).
Tuesday, June 18, 2013
මම මගේ chat style එකට පට්ට විදියට වෛර කරමි.
කොතනින් පටන් ගන්නදැයි නොදනිමි. සිතේ හිරවී ඇති දේවල් වචන වලට හැරවීම මෙතරම් අසීරු දෙයක් බව මම නොදැන සිටියෙමි. කල් යාමේදී මට එය වැටහුණි. නමුත්... හැඟීම් වචන වලට හැරවූ පසු හිතට දැනෙන සහනය ද මෙතැකැයි කිව නොහැක. එය එක්තරා දුලබ ජයග්‍රහණයකි. මගේ ජයග්‍රහණයේ ප්‍රතිපලය මේ බ්ලොගයයි. එය විටෙක මට දින පොතකි, විටෙක දුක සතුට බෙදා ගන්න හොද මිතුරෙකි, තවත් විටෙක සමරු ඵලකයකි.
මම මහා කතුවරයෙකු නොවෙමි. කවියෙකුද නොවෙමි. පන්හිඳ හසුරුවන්නෙකු පමණක් වෙමි. වෙනසකට ඇත්තේ මම ලියන දේවල් පමණකි. නමුත්.... මම මගේ chat style එකට පට්ට විදියට වෛර කරමි. ලියන කලාවයි, චැට් කරන කලාවයි දෙකක් බව සැබෑය. මම අද ලියන්නේ මම වෛර කරන මගේ chat style එක ගැනයි.
"ඇයි එහෙම වෛර කරන්නේ?" ඔබට එසේ සිතෙනු ඇත. හ්ම්ම්... මටද නැගෙන ප්රශ්නය එයමය. දිය හැකි ඍජු පිළිතුරක් මම සෙව්වෙමි. නමුත් හම්බුනේ දිගු ආවර්ජනයකි. එය හරිද වැරදිද තීරණය කිරීම ඔබේ අතේය.
chat කියූ සැණින් බොහෝ දෙනාට මතක් වනුයේ facebook chat කිරිල්ලයි. තවද twitter chat, yahoo chat, Gmail chat, skype chat, SMS chat යනාදී chat ජාති ගොඩකි. ජාති කෙසේ වෙතත් chat, chat මය, මගේ අවාසනාවටද කොහෙද මම මිනිසුන්ව බොහෝ සෙයින් විශ්වාස කරමි. 'විශ්වාසය' මගේ ජිවිතයට බොහෝ කරදර රැසකට මුල පුරා ඇති කිවොත් ඔබ පුදුම වනු ඇත. එය සැබෑවකි. ඕනෙවට වැඩ කිසිවෙකු විශ්වාස කිරීම ප්‍රශ්න රැසකට අත වැනීමකි.
මම තරම් නිහඬ බව අත්විදින තවත් කෙනෙක් ඇත්දැයි සිතේ. මම කතා කරනවට වඩා නිහඬව කරන chat වලට ඇලුම් කලෙමි. මම සිතුවේ මා මෙන්ම අනෙක් අයත් අවංක, යහපත් ඇතියි කියාය. මට වැරදුනේ අන්න එතනදිය. අද මේක ලියන්න මග පෑදුනේද ඒ වැරදුනු තැනින්ය.
මම facebook ජාලයට එක වුයේ මිට වසර 3කට පෙරදීය. එදා බුකිය ගැන මෙලෝ හසරක් නොදැන සිටියෙමි. හොයා හොයම හැමදේම ටික ටික අවබෝධ කරගත්තෙමි. අද බුකියේ හැම අස්සක් මුල්ලක් ගැනම දනිමි. පේජස් දෙකක් ඇඩ්මින් කරමි. අන් අයටද settings වල ගැටළු විසදාගැනීමට උදව් කරමි. ඒ මා ලද දියුණුවේ තරමය. අද මම use කරන්නේ දෙවැනි FB ගිණුමයි, පළමුවැන්න මට එපාම විය. ඒ කෙළවරක් නැතුව friend reqest පිළිගැනීමේ ප්‍රතිපලයයි. 1,500ක් දිග friend ලිස්ට් එකක් ඇතත්, දන්නා හදුනන අය අතේ ඇඟිලි තරමටත් වඩා අඩු ගණනක් විය. එය delet කර දෙවැනි ගිණුම ඇරඹුවෙමි. දැන් friend ලිස්ට් එකේ 150ක් වත් නැත. නමුත් සැහීමකට පත් වීමට කරුණු රැසක් ඇත. ඒ ටික දෙන වුවද මා හොදින් හදුනාගත් අය වීමයි.
මම online දාන්නේ කලාතුරකිනි. ඒ හැමෝම කියන විදියට ලොකු සීන් දැමීමට නොවේ. මගේ chat style එකට වෛර කරන නිසාවෙනි. ඉතාම සමීප යහළුවන්ට කියා මට සිටින්නේ බස්සා, ජිම්, බොක්ක, ඉබ්බි, චානි, චමී, PS පමණකි. (මේ මගේ යාලුවන්ගේ අන්වර්ථ නාමයන් විනා සත්තු නොවේ. :P) ඉදලා හිටලා හෝ ඔවුන්ගෙන් massage එකක් වරදින්නේ නැත. ඔවුන් සමග හැර අන් අය සමග chat කිරීමට මම පැකිලෙමි, ඒ ද එකී හෙතුවමය.
අනේ ඔය හලීම friendly...
ඔයා නම් චෝයි...
ඔයා මාර හොදයි හලෝ...
ආස හිතෙනවා ඔයත් එක්ක චැට් කරද්දී...
you are so sweety...
මේවා මුලදී නම් මට මිහිරි වදන් වුවද දැන් නම් මට අරහන් ය. සැබෑම කරුණ නම් කිසිවෙකු මා සමග chat කළහොත් දිගටම chat කිරීමට සිතීමය. මා ද කිසිවෙකු අමනාප කරගැනීමට අකමැති නිසාවෙන් චැට් කරමි. නමුත්... මෙසේ දිගට ඇදෙන chat එකෙන් බොහෝ දෙනා තම ජිවිත කතාවම මා හමුවේ හෙළිදරව් කරයි. කෙනෙක් boot sad එකෙනි. තව කෙනෙක් 'මට තාම කෙල්ලෙක් නෑනේ අෆ්ෆා. බැයිද හොයලා දෙන්න' කියයි. තවත් කෙනෙක් 'ඔයා හරිම ලස්සනයි. profile pic එක මාර කියුට්. bf කෙනෙක් ඉන්නවද අහයි.' බොහොම අතලොස්සක් දෙනා තමයි සැබෑ මිතුදමින් සැප දුක අහලා, විහිලු තහළුවෙන් ජොලියෙන් ඉන්නේ.
මට ලැබුණු ආදර යෝජනා, විවාහ යෝජනා ගැනද නොකියාම බැරිය.එසේ යෝජනා ගෙනා සමහරු ලංකාවෙත් නැත. තවත් සමහරුන්ට chat කරපු දවස් දෙක තුනට මට ආදරේ හිතිලා ය. මුලදී මෙය මට මහත් අපහසුතාවයක් වුවද පසුව ටිකෙන් ටික හුරු විය. ඒ නිසාම නැවත එවැනි තත්වයන් ඇතිවීමට ඉඩකඩ අහුරා දැමුවෙමි. ඒ කිසිවෙකු සමග chat කිරීමෙන් වැළකීමයි. එය මාගේ ප්රතිපත්තියයි. FB පමණක් නොව අන් සියල්ලේද එක හා සමානය. සමහරවිට ඔයාලත් මේ අත්දැකීම් විදලා ඇති.
"මිනිස් කුසින් බිහිව, මිනිසුන් අතරම හැදී වැඩි, මිනිසාගේ කරින්ම අවසන් ගමන යන,තේරුම් ගන්න බැරි මෙලොව සිටින එකම සතා ද මිනිසා වේ."
ඉතින් ඔන්න ඕකයි මම මගේ chat style එකට පට්ට විදියට වෛර කරන්න හේතුව.
ප / ලි : මම මේ කතාවට දාන්න ගැලපෙන මාතෘකාවක් හොයා හොයා ඉද්දි තමයි දැක්කේ කුරුළු අයියගේ සංකල්පනාවක් තිබ්බා, "ෆේස් බුක් ස්මයිලිස් වලට පට්ට විදිහට වෛර කරමි" කියලා. ඉතින් ආයේ දෙපාරක් හිතුවේ
නෑ. එඩිට් පාරක් දාල ගත්තා ඒකම මමත්. කුරුලු අයියේ සමාවෙවා.
හැඟීම් වලට වහල් නොවී, තමන්ගේ දුර්වලකම් මගහරවාගන්න කිසියම් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම වැරදි නැහැ. ඒ ගැන දෙපාරක් හිතන්න එපා. ජිවිතේ විදින්න ලස්සනට. විදවන්න එපා.
Tuesday, June 11, 2013
මාතු පාදං නමාමි... පීතු පාදං නමාමි....
ගෙවෙන හැම තත්පරයක්, තත්පරයක් ගානෙම අපි ජීවිතේදී කිසියම් දෙයක් ඉගෙන ගන්නවා, අත්දැකීම් ලබනවා, උපන් දා පටන් මැරෙන තෙක්ම එහෙමයි. අම්මයි, තාත්තයි තමයි අපේ ජිවිතේ පළමුවෙනි ගුරුවරු දෙපළ. ඉස්සරෝම කියලා 'අ' යන්න 'ආ' යන්න කියන, ලියන හැටි විතරක් නෙමෙයි ලැජ්ජා බිය ඇතුව විළි වහගන්න, ඇදුමක බොත්තමක් දාගන්න, පිගානේ බත් ටික හලාගන්නේ නැතුව අතින් අනාගෙන කන්න, අර පුසා... අර බව්වා... අර හප්පා... කියලා සත්තු අදුරගන්න, මේ හැමදේම කියල දුන්නේ අපේ රත්තරං අම්මයි තාත්තයි.
පුංචි කමට කියලා අපි දඟ වැඩ කරද්දී කෝටු පාරවල් අනන්තවත් කාල තියෙනවා නේද අපි හැමෝම. එහෙම ගුටි කාල, හොටු පෙරාගෙන අඬපු හැටි මතකද... මතක් වෙද්දීත් හිනා යනවා.ඊට පස්සේ ගුටි කාපු හැටි මතක නිසා ඒ දඟ වැඩේ අයෙත් කරන එකත් ඉබේම නවතිනවා. හැබැයි තවත් අලුත් දඟ වැඩක් පටන් ගන්නවා. ඒවටත් ඉතිං හොඳ නරක අනුව ප්‍රතිපල හම්බෙනවා, ඔන්න ඔය වගේ සුන්දර විදියට තමයි අපේ ළමා කාලේ ගෙවුනේ.
අපේ ඒ ළමා කාලේ සුන්දරවත් වුනේ අම්මයි තාත්තයි හින්දා. අම්මගෙයි තාත්තගෙයි ආදරය, රැකවරණය, තුල හැදී වැඩුනා. අපේ ඒ ළමා ලෝකේ සුන්දර කරන්න අම්ම රෑ දාවල් නිදි මරුවා. තාත්තා දාඩිය මහන්සිය නොබලා හම්බ කළා. ඒත් එයාල කවදාවත් අපිව වදයක් කියලා හිතුවේ නෑ. දිවි පරදුවට තියලා අපිව රැක ගන්න පුළුවන් උපරිමයෙන් කැප වුනා, පෙර පාසැල් යවලා, පාසැල් යවලා, දහම් පාසැලෙන් ගුණදම් උගන්නවලා අපිව හැම අතින්ම පෝෂණය කළා.
අද අපි යම් ජයග්‍රහණයක් ලබා ඇත්ද, යම් තැනක සිටීද, ඒ හැමදේකම පිටුපස සෙවනැල්ල වගේ ඉන්නේ අපේ අම්මයි තාත්තයි. කවුරු හරි කිව්වොත් "ලෝකේ ඉන්න හොදම අම්මයි තාත්තයි, මගේ අම්මයි තාත්තයි" කියලා. ඔයා ඒක පිළිගන්නවද? නැහැ. මම නම් පිළිගන්නේ නෑ. මට නම් ලෝකේ හොදම අම්මයි තාත්තයි, මගේ අම්මයි තාත්තයි තමයි, ඔයාලටත් එහෙමයි නේද, කවුරු අපිව අතෑරියත් අම්මයි තාත්තයි අපිව අතාරින්නෙ නෑ. අපේ සතුට තමයි එයාලගේ මුළු ලෝකෙම.
මං දෙයක් කියන්නම් හදවතින්ම. කොච්චර උසස් තැනක හිටියත් 'මේ මගේ අම්මා' 'මේ මගේ තාත්තා' කියලා එයාලව හදුන්වලා දෙන්න පැකිලෙන්නෙපා කවදාවත්. නෙලුම් මල් දහසක් පුජා කරලා ලබන පිනට, ආශිර්වාදයට වඩා අම්මගෙයි, තාත්තගෙයි දෙපා වැඳලා එයාලගෙන් ලබන ආශීර්වාදය,පින දස දහස් ගුණයක් බලවත්. ගෙදරින් පිටවෙලා කොහේ හරි යද්දී උනත් අම්මටයි, තාත්තටයි දණ ගහලා වැඳලා යන්න පුරුදු වෙන්න. ඉගෙනගෙන, ලොකුවට නැතත් පුළුවන් හැටියට රස්සාවක් කරලා හම්බ කරලා, ඒ සල්ලි වලින් ඇදුමක් අරන් දීලා, එක වේලක් හරි උයලා බත් කටක් කවලා එයාලගේ හිත් සතුටු කරන්න.ඒ මොහොත සඳාකල් එයාලගේ මතකයේ රැඳී තියේවි. ඔව්. ඇත්තමයි.
කවි කිය කියා පොඩි කාලේ නැලෙවුවලූ
සුරතල් සිනා දැක දැක නුබ සැනසුනලූ
පපුවේ හොවා මට උනුහුම දුන්නාලූ
මතකයෙ නැත්තෙ මං ළදරුව හින්දාලූ
කන්නට රඡ බොඡුන් මසවුලු නැතුවාට
ඉන්නට මහා සත් මාලිග නැතුවාට
උකුලේ තියන් නුබ හිස අත ගානවිට
දැනුනා තාත්තේ සුර සැප මගෙ හිතට
දහඩිය කදුලු මද සුලගට මුසු වෙන්නේ
ඒ සුලගෙන් බිදක් නැත නුබ මට දුන්නේ
හිස සිබ මගේ දුක් ගිනි හැම නුබ ගන්නේ
කොහොමද තාත්තේ ඔය හැටි උහුලන්නේ...
____________________________________________________
අම්මාවරුනේ අම්මාවරුනේ
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුරලොව සිට අතපා ඒ කඳුළැලි පිසිනා
අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක් දන්නා අම්මවරුමයි
සංසාරේ මතු බුදු වන්නේ
සෙනෙහස ඇති දා සිතද බොළඳ වී
ලොවම ආදරෙයි කියා සිතේ
මායාවක් වී එහි තනි වූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
Saturday, June 1, 2013
"වැස්ස"... නුඹ හරි හැඩයි නොවැ .....
මං ආසයි තනිකමට....
එහි ගිලී තියෙන නිහැඬියාවට,
අඳුරු බවට මං හුගාක් ආසයි.
අහස අඳුරු කරපු වැහිබර හැන්දෑවක
තනිකම තුරුල් කරන්
ජනේලයෙන් එළියේ බලාගෙන ඉද්දි
විදුලි කොටන හැටි, හයියෙන් සුළං හමද්දී
ගස්වැල් පැද්දෙන හැටි
බලන් ඉන්න ආසයි මං....
ඒක හරියට භාවනාවක් වගේ.
හිත නිවෙනවා.
වහලේ දිගේ එන වැහි බිඳු
චුටි දිය ඇල්ලක් වගේ බිමට වැටිලා
මිදුලේ දිය පාරවල් හදාගෙන
ගලාගෙන යන හැටි දකිද්දී,
කඩදාසි බෝට්ටු හදලා
පා කරන්න හිතෙනවා
පොඩිත්තෙක් වගේ.
ගෙයි දොරකඩ පඩියේ ඉදන්
වහලේ දිගේ බේරිලා බිමට වැටෙන
දිය බිඳු වලට ඇත දිගු කරන්
හිරිකඩින් තෙමෙද්දී...,
හමාගෙන එන සීත සුළං රැල්ලකින්
ඇඟ හිරිගඩු පිපෙනකොට....
ජිවිතේ කොයිතරම් ප්‍රශ්න කන්දරාවක් තිබ්බත්
මොහොතකට හැමදේම අමතක වෙනවා..
හිතට දැනෙන්නේ පුදුම සැහැල්ලුවක්....
වහලේ දිගේ බේරිලා බිමට වැටෙන
දිය බිඳු වලට ඇත දිගු කරන්
හිරිකඩින් තෙමෙද්දී...,
හමාගෙන එන සීත සුළං රැල්ලකින්
ඇඟ හිරිගඩු පිපෙනකොට....
ජිවිතේ කොයිතරම් ප්‍රශ්න කන්දරාවක් තිබ්බත්
මොහොතකට හැමදේම අමතක වෙනවා..
හිතට දැනෙන්නේ පුදුම සැහැල්ලුවක්....
Subscribe to:
Posts (Atom)

















