අහස සේ නුඹ අනන්තයි....

Sunday, December 30, 2012

සුබ සිහින පිරි රැයක් ඔයාට..!!!


හිරූ ... ආදරය කියන්නෙ හරි පුදුම හැගීමක් නේද ..,
අපි අපෙන් වෙන්වෙලා කොයිතරම් කල්ද...
මේ මහ රෑ.. නිදන දෙනෝදාහක් අය අතරෙ..
අද ඔයා කොහිද, මම කොහිද, කියල අපි කවුරුවත් දන්නේ නෑ..
එත් අපේ මතකය …. හ්ම්ම්.....,


මට තාමත් මතකයි රත්තරන්.......
එදා අපි දෙන්න නොදරුවො වගේ මහා වැස්සකට ඔහේ තෙමුණු හැටි..,
මහ අනෝරා වැස්සේ.. ඔයාට මතකද...,
මම ඔයා මගේ පපු උනුහුමට ගුලිකරන් හිටිවෙලේ මිනිස්සු අපි දිහා බල බල ගිය හැටි..
ඔයා අදටත් දන්නේ නෑ .. මම එදා ඔය උනුහුමට ලංවෙලා අඩපු හැටි....,
වෙන්වෙන්න යන අපි ගැන හිතිල අසරණකම වාවගන්න බැරුව අඩපු හැටි...
මගේ අස් වලින් උනපු කදුළු., කම්මුල් දිගේ බේරිලා ඔයගෙ මූනට වැටුනත්..,
එත් ඔයා දන්නේ නෑ සදු.. .. අදටත් ඒ කදුළු කට ඔයාට වැහි බින්දු විතරමයි ...
හ්ම්ම්ම්.. එත් මට..,
ඒ කදුලුවල උණුහුම්
ගතිය තාමත් මේ ඇස්වලට දැනෙනව රත්තරන් ඒ වගේම...

මම දැන් නිදන්න යන්නේ... ඔයා මතක් වුණා පුරුද්දට වගේ...


මගේ ඇස් අතගාල බැලුව මම.., හිහ්., 
එදා වගේමද අදත් මේ ඇස්දෙක කියල බලන්න වගේ.... හ්ම්ම්ම්..

හිරූ ., දන්නවද ඔයා .. මගේ ඇහි පිල්ලන් යටින් මට යාන්තමට සීතලක් දැනුනනේ අදත්.,
හ්ම්ම්., මම හිතන්නේ මට ඒ දැනුනේ නිකම්ම නිකම් සීතලක් නෙමේ
හිරූ ...
අපි අපේ නොවුනත්.., කාලය අපෙන් ඈතට පැන ගියත්.., ඒ ආදරේ මතකයන්.,
තවමත් අපි තුල සජීවී බවට පෙන්වන කදුලක සීතලක් ...
ඔව් ඔයා නොදන්න., නමුත් ඔයා වෙනුවෙන්ම වැටුණු., මගේම තවත් කදුලක සීතලක්..


කොතැන කවුරු ලග වුනත් මේ මොහොතෙ ඔයා .. සතුටින් දොගන්න මගෙ රත්තරන්.... 
              සුබ සිහින පිරි රැයක් ඔයාට..!!!


Saturday, December 29, 2012

කවුරුවත් නොදන්නා.. ඔයා වෙනුවෙන්මයි


ගොඩ කාලෙකින් අද ඔයාගේ කටහඩ ඇහුන.. 
හිත පතුලේ අමාරුවට හිරකරලා තිබ්බ..,
අතීත මතක ගොන්නක් කැලතිලා හිතේ පෙලගැහුනේ හරියට චිත්‍රකතාවක් වගෙයි..

ඔයාගෙන් ගලපු ඒ නොසෑහෙන ආදරේට මමත් නොසෑහෙන්න ආදරේ කලා..
ඔව් ලෝබකමින්
ආදරේ කලේ..  

ඔය නොදන්නවා වුනාට, රත්තරන් මම විතරක් නෙමෙයි.. 
මේ ලෝකේ ඕනෙම කෙනෙක් ඒ ආදරේට ආදරේ කරාවි පිස්සුවෙන් වගේ.... ඒ තරම්ම ලස්සනයි ඔය හිතේ හැංගිලා තියෙන අහිංසක කවිකාර ආදර සිතුවිලි අහුරු...
එත් ඒ වගේ ආදරයක් විදින්න තරම්
මම වාසනාවන්ත නෑ කියල දැනගත්තේ.,
අපි හමුවුන පලවෙනි දවසෙදිමයි
හිරූ ...
ඒ හැන්දෑවේ ඇස්වලින් හිනාවුණු මගේ හිත 

කොයිතරම් හැඩුවද කියල දන්නේ මම විතරමයි..
එදා ඔයගේ පුංචි නවාතැනේ
ඔයාව තනිකරලා දල එද්දී..

මේ හිත දහස්වාරයක් කෑගහල කිව්වා,
පලයන් ආපහු ගිහින් ඒ උනුහුමට තුරුලුවෙයන් කියල.....
එත් අපිට අපි උරුම නැතිබව දන දැනත්.. මේ ජිවිතේ.,
මම කොහොමද රත්තරන් ඔය හිතට බලාපොරොත්තුවක් දීල බිදල දාන්නේ එකපාරටම...
බෑ මට බෑ එහෙම කරන්න..
ඒක නිසයි මම ඔයාටත් නොකිය ඔයාගෙ
හීනෙකට වත් අපහු නොඑන්න තරම් පරිස්සමට..,
ඔයාගෙන් ඈතකට යන්න ගියේ.. මට සමාවෙන්න හිතට දුක දැනුනනම්
හිරූ   ..
එත් මම දන්නව..
එදා මම අමාරුවෙන් මුත් ගත්තු තීරණය නිසා අද ඔයාගෙ ලෝකෙ සතුටින් වග..
මටත් සතුටුයි ටිකක් නෙවෙයි හුගාක් ඔයා ගැන හිතනකොට අද ..



නමුත් ආයිමත් අද ඔයාගේ කටහඩ ඇහුණාම... හ්ම්ම්..
මගේ මේ හිතට හුරුපුරුදු ඒ සෙනෙහස අහම්බෙන් ව
ගේ මතක් වෙලා...,
ආපහු වතාවක් මේ හිත රිදුම් දෙන්න ගත්ත
හිරූ... 
ඔයා දන්නේ නෑ.. එතකොටයි මට තේරුනේ.. 
එදා වගේම.. අදටත්.,
ඔයාගේ ඒ දගකාර., කවිකාර., අහිංසක ආදරේ ඉවකර කර... 
මේ හිත තාමත් හුල්ලනවා කියල මගේ රත්තරන්..
මම පරිස්සම් වෙන්නම් ඔයාට නොපෙනෙන්න ඉන්ට ඒ ආදරේ..
නමුත් ඈතක ඉදං පිරිසිදු පහන් සිතකින් බලාගෙන ඉන්නම්
ඔයාගේ අලුත් ලෝකය දිහා අශිර්වාදයේ දෙනෙතින්..!!!


කවුරුවත් නොදන්නා.. ඔයා වෙනුවෙන්මයි හිරූ මේ වචන ටික.. ♥ ♥ ♥ 


දයාබර හිරූ ...,


නුඹ හිරූ වෙලා..., මම සඳු වෙලා...,අද  අපි දෙන්නා දෙතැනක ඉදන් අපේ ආදරය  කවි පද වලින් ගෙත්තම් කරනවා. නුඹ අද මගේ ළඟ නැති උනාට,  නුඹේ ඒ පුරුදු සෙනෙහස මං ළඟ තනි රකිනවා. පරක් තෙරක් නොපෙනෙන මේ විසල් අහස වගේ නුඹේ ආදරයත් මට  අනන්තයි හිරූ.

ඔබ එක ඉවුරකි.. මම තව ඉවුරකි....
එකම ගඟක ගලනා... කිසිදා එක් නොවෙනා...
ඔබ නිල් අහසකි... මම මහ සයුරකි....
 

ලං නොවෙනා කිසිදා.. අනන්තයම මවනා...
ඔබ සඳ මඩලකි.. මම හිරු එළියකි..
දැකගත හැකි නොවෙනා.... එකම මගෙක කිසිදා...
ඔබ කුමුදිනියකි.. මම සියපත වෙමි...
රෑ දාවල පිපෙනා... සිපගන්නට නොහෙනා...

නුබ කඩුපුල වී.. මම තරුපති වී...
උපදින්නේ කවදා .. ජිවිත මග මතුදා....
අපි අපගේ වීලා.. සිහින සැබෑ වීලා




Thursday, December 27, 2012

සොඳුරු පාසල් දිවිය.....



සුදෝ සුදට බැබලෙන
සමනල් රෑනක් සේ
පාසල් ගියා  මතකයි
දඟකාර සමනල් ඒ
සොඳුරු පාසල් දිවිය
ගතකලා කෙලිදලෙන්
සමුගත්තා සුසුමකින්
අමරණීයයි එය මසිතේ
සඳා මතකයේ රැඳෙන ලෙසින් 

දයාබර නුඹ....


පිනි කැට වැටෙනා නිහඬ රාත්‍රිය
අනන්තයට අපි අරන් ගියා
මටම පුදුම මම නුඹට මේ තරම්
ආදරේ කරන්නේ ඇයිද කියා.....