අහස සේ නුඹ අනන්තයි....

Wednesday, March 13, 2013

මේ කවිය ඔයාටයි ......


අහම්බෙන් වාගේ හමුවී
සිනහ කවට වදන් තෙපුලමින්
දුකේදීත් සැපේදීත් එකට හිදිමින්
මගේ ජීවිතේට එබිකම් කල
දයාබර මිතුරා නුඹයි
කියන්න වචනත් නෑ
මනින්න මිම්මකුත් නෑ
ඒ තරම් ම
ලෙන්ගතුයි අපේ මිතුදම

මම දෙවියන්ගෙන් ඉල්ලනවා එක දෙයක් මගේ යාළුවගේ මුහුණ හැමදාම සතුටු සිනහවෙන් පුරවන්න කියලා....!!!

Monday, March 11, 2013

නුඹේ නමින් මහදේ උපන් පෙම - පුරාවතක් විය හද දවන......





මැදින් මහේ එක්තරා දවසක, නිහඩ බව රජයන පාලු හුදෙකලා රැයක, මම ෆෝන් එක අතට ගත්තේ ඔය ගැන තොර තෝරංචියක් නැතුව අහන මගේ හිතට පුංචි අස්වැසිල්ලක් ගන්න කියල හිතාගෙන, ''හිරූ ඔයා දොයිද '' කියල sms එකක් type කරලා යැව්වා ඔයාට. එසැණින්ම reply එකක් ආවා ''ඔය ගැන මතක් කර කර හිටියේ. හ්ම්ම්....'' කියලා. මං ඒ sms එක දිහා විනාඩි ගානක් බලාගෙන හිටියා. දහ දොළොස් වතාවක් කියෙව්වා. මං වගේම ඔයත් අපිට අපි හිමි නැති ආදරයක් නිසා විදොනවා කියල මම දන්නවා හිරූ. ඒත් මොනවා කියල කරන්නද නේද. ඔයා වගේම මමත් අසරණයි හිරූ. මොන දේ ඉවසුවත්, මගේ හිතේ ඔයාට තියෙන තැන වෙන කෙනෙකුට දෙන්න හිත හදාගන්න එක නම් මට දරාගන්න බෑ හිරූ. අනේ මං හුගාක් ඇඩුව ඒ ගැන හිතල, ඒත් කඳුළු, ඉකිබිඳුම් නැති හදවතින් හැඬුමක් විතරයි ඒක. ඔය ළගින් ඉද්දි මට දැනෙන සැනසීම, ආරක්ෂාව මට වෙන කාගෙන්වත් ලැබෙයි කියල මට හිතෙන්නේ නැහැ හිරූ.

ඔය දන්නවද මම ලස්සන හීනයක් දැක්කා. ඔව් මම දැකපු ලස්සනම හීනේ ඒක වෙන්න ඇති. ඔය බටර් පාටට හුරු ජාතික ඇඳුම ඇඳලා, මමත් ඒ පාටින්ම කැන්ඩියන් එක ඇඳලා, හැමෝගෙම ආශීර්වාදය මැද්දේ අපි දෙන්න පෝරුවට නැග්ගා.එක හීනයක් උනත්, එදා ඔයාගේ මුණේ තිබ්බ අහිංසක හිනාව මට තාමත් මතකයි. ඔය හිනා වෙද්දී නළදත් එක්ක මුණ හරිම ලස්සනයි හිරූ.හරිම අහිංසකයි. මම ඉස්සරෝම කියල ආදරේ කලේ ඔයාගේ නමට. ඊළගට ඔයාගේ නළදත් පේන අහිංසක ලස්සන හිනාවට. පස්සේ තමයි ඔයාට ආදරේ හිතුනේ. අපේ හමුවීම හරිම අහම්බයක්....එත් ඒ හමුවීම අපේ ජිවිත වල මෙච්චර වෙනසක් කරයි කියල ඔය වත්, මම වත් හීනෙන් වත් හිතුවේ නෑ නේද, මම දැන් හැමදේම කාලයට බාර දීල තියෙන්නේ. වෙන දෙයක් වෙද්දෙන් කියල මම අපේ ඒ සුන්දර අතීත මතකයන් එක්ක ජිවත් වෙනවා තාමත්. මං දන්නවා හිරූ ඔයත් එහෙමයි කියලා.


නුඹේ නමින් මහදේ උපන් පෙම - පුරාවතක් විය හද දවන.
පතමි පැතුමක් හද පත්ලෙන්ම - අපි අපේම වී ඉපදේවා මතු භවයේ

සියයක් ආයු ලැබ මගෙත් ආයු ලැබ මටත් වැඩ කල් ඔබ තුටින් ජිවත් වේවා... ආදරෙයි නුඹට මගේ පණ නල තිබෙන තුරාවටම. ..!

Tuesday, February 19, 2013

දයාබර පන්හිඳ....


මගේ කඳුල, මගේ සිනහව, මගේ සුසුම,
මගේ හදගැස්ම හදුනන
කිසිදා මා හැර නොයන
කිසිදා වෙනස් නොවන
සදාතන මිතුරා නුඹයි.... පන්හිඳ...
මා හදවතින් පෙම් බැඳී....
හුදකලාවේ සිටින මොහොතේ
දිවා රෑ නොබලා
අහිංසකව මා හා දොඩමළු වන
නුඹ කෙරෙහි
මහද තුළ ඇත්තේ නොනිමි සෙනෙහසකි.
දැතේ විරිය ඇති තුරාවට
දයාබර පන්හිඳ....
නුඹට පෙම් කරමි මම දිවි හිමියෙන්



අහෝ... අතීතය...


හඬන්න දෙනෙතේ කඳුලක් ඉතිරිව නෑ තව
හදවත නිහඬව ඉකි බිඳලයි...
අතීත මතකයන් රැව් පිළිරැව් දී හද තුළ
නොසිදෙන කඳුළු උල්පත් සාදයි. ...

තනිව හිදිමින් ගෙවන මේ නිමේශයේ
සිය දහස් වරක් මරා යලිදු මා උපදවන
අහෝ... අතීතය...
ඇයි නුඹ කුරිරු මෙතරම්....

Thursday, January 10, 2013

ඔය ලස්සන ඇස් දෙක....


ඔය ලස්සන
ඇස් දෙක දිහා
බලාගෙන
ඉන්නකොට
මගෙ හිත
මගෙන් අහනවා
ඔය ලස්සන
ඇස් දෙක
ලබපු ඔයාද
නැත්නම්
ඔය ඇස් දෙක දිහා
බලාගෙන ඉන්න තරම්
පිංවන්ත වෙච්ච
මමද
සංසාරෙ වැඩියෙන්ම
පිං කරල
තියෙන්නේ
කියලා ♥ ♥
♥



මගෙ හිරූ ..,


මේ ජීවිතය කියන්නේ කවියක් නම්.., 
ඒ කවිය ලස්සන වුනේ ඔයා නිසයි..
වෙනද ඕනෙවට එපාවට ඔහේ ලියවුනු මේ පදවැල්...,
අද..
ඔයා නිසා ලස්සනට ඇමිණිලා ගැලපිලා..

සුන්දර කවි පද මතුවෙන්නේ ඉබේටම වගේ..
ඔයා හමුවෙන්න කලින් මම දැනන් හිටියේ නෑ.... 

සත්තමයි..,
ජිවිතේ මේ තරම් ලස්සනයි කියල...
ඔය ඇස් වලින් උතුරන ආදරය 

මගේ මුළු ලෝකයක්ම එලිය කළා හිරූ ...!!!
 
ඔයාට ගොඩාක් පින්... මගේ ජීවිතේට එලිය ගෙනාවට.. ♥ ♥ ♥


Wednesday, January 2, 2013

සරදමකි මේ ජීවිතය..,


ඔබ නමින් උපන් සෙනෙහසින්...
මහ මෙරක් තරම් සිහින මැවු වසන්තය නිමාවිය..
සිනහවකින් උපන් ඒ පුරාවත 

කදුලකින් නිමවුණු අතීතයක් විය.. හද දවන..
අසන මුත් ලොවම නුබ ගැන.. ගොලුවී සිටිමි මම.. 

ඉනූ කදුලක් සගවමින් පිළිතුරු නැතිව.
එදා ඔබ කනට කොදුරා කියු වදන් 

පමණක් මුමුණනු ඇසෙයි මා සිත රහසින් මටම..
ප්‍රාණයයි මා ඔබ.. හිදිමි අවසන් හුස්මතුරු 

මේ බවේත් මතු මතු බවේත් නුබ සමග.. 
ආදරෙයි ඔබට මම
මා හැරී බෙලුවෙමි.. 

එදා ලග සිටි මා සෙවනැල්ල පමණක්ම විය..
නුබ ගොසිනි දුර මගෙක මා අතැර...
සරදමකි මේ ජීවිතය....