නුඹ හිරූ වෙලා..., මම සඳු වෙලා...,අද අපි දෙන්නා දෙතැනක ඉදන් අපේ ආදරය කවි පද වලින් ගෙත්තම් කරනවා. නුඹ අද මගේ ළඟ නැති උනාට, නුඹේ ඒ පුරුදු සෙනෙහස මං ළඟ තනි රකිනවා. පරක් තෙරක් නොපෙනෙන මේ විසල් අහස වගේ නුඹේ ආදරයත් මට අනන්තයි හිරූ.
අහස සේ නුඹ අනන්තයි....
Wednesday, January 2, 2013
සරදමකි මේ ජීවිතය..,
ඔබ නමින් උපන් සෙනෙහසින්...
මහ මෙරක් තරම් සිහින මැවු වසන්තය නිමාවිය..
සිනහවකින් උපන් ඒ පුරාවත
කදුලකින් නිමවුණු අතීතයක් විය.. හද දවන..
අසන මුත් ලොවම නුබ ගැන.. ගොලුවී සිටිමි මම..
ඉනූ කදුලක් සගවමින් පිළිතුරු නැතිව.
එදා ඔබ කනට කොදුරා කියු වදන්
පමණක් මුමුණනු ඇසෙයි මා සිත රහසින් මටම..
ප්‍රාණයයි මා ඔබ.. හිදිමි අවසන් හුස්මතුරු
මේ බවේත් මතු මතු බවේත් නුබ සමග..
ආදරෙයි ඔබට මම
මා හැරී බෙලුවෙමි..
එදා ලග සිටි මා සෙවනැල්ල පමණක්ම විය..
නුබ ගොසිනි දුර මගෙක මා අතැර...
සරදමකි මේ ජීවිතය....
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment