අහස සේ නුඹ අනන්තයි....

Monday, September 8, 2014

පෙරවදනක් නැති අප පෙම් පුරාවතට... පසු වදනක් කුමටද තව නුඹගෙන්....



මට ඔයාව ගොඩක් මතක් වෙනවා බබා...........
හැම මොහොතෙම මට ඔයාව මතක් වෙනවා............
මං තාමත් ඔයාට ආදරෙයි..........
මාව දාල යන්න තරම් ඔයාට මාව එපා උනේ ඇයි මගෙ මැණික.......???

මෙච්චර කාලෙකට පස්සෙද ඔයාට මේ වචන ටික කියන්න මතක් උනේ..  අන්තිම මොහොත වෙනකන් ඉවසලා බැරිම තැන මම හැමදේම අමතක කරලා දාන්න හිත හදාගත්තට පස්සෙද මේ වචන ටික කියන්න ඕන උනේ..  ම්ම්ම්ම්.... හේතු දාහක් කිය කිය ඔයා මාව ඈත් කරද්දී චූටි චූටි හේතු හොයාගෙන බැනුම් අහගෙන හරි මම ඔයත් එක්ක හිටියා මෙච්චර කල්... ඉවසීම රතු කට්ට පනිනකන්... දැන් හැමදේම ඉවරයි... හැමදේම...  මන් දවසක් ඔයාට කිව්වා... හැමදාම සමාව දීලම කවදා හරි දවසක මට ඔයාට සමාව දෙන්න බැරි දවසකුත් එයි කියලා... අද තමයි ඒ දවස... ඔයත් පව්... මමත් පව්...  ඉන්න තැනක සතුටින් ඉන්න ඔයා... එච්චරයි මට ඕනේ... 

Monday, August 18, 2014

තනිකම හුරු දෙනත පුරා... උණු කඳුලැලි රුරා ගියා....


ඔයාට උදව් ඕන හැම වෙලාවකම...
තනිවෙලා ඉන්න හැම වෙලාවකම...
වැටිලා ඉන්න හැම වෙලාවකම...
එදා වගේම වෙනසක් නැතුව 
අදටත් මම හිටියා... හැමදාමත් ඉඳියි...

ඒත්...

මම තනි වෙලා අසරණ වෙලා ඉද්දි 
මගේම කියල කවුරුවත් ළඟ නෑ...
තට්ට තනියම හිඟන්නියෙක් වගේ 
කඳුළු හංග හංග අඬනවා...
මොකද කිව්වොත් මට 
අඬන්න වත් නිදහසක් නෑ.....

හිතට ටිකක් හරි සැනසීමක් ගන්න කියල
ඔයාගේ නම්බර් එක ඩයල් කලාම
වචන දෙකයි රිප්ලයි ආවේ....
"මම බිසී" කියල.....
හ්ම්ම්ම්...... 
මං වෙනුවෙන් තත්පරයක් වත් නෑ 
ඔයා ළඟ...

මාව තනි නොකරන එකම කෙනා 
තනිකමයි කඳුළයි විතරද කොහෙද...
කමක් නෑ ඉතින්...
හිත රිද්දෝන බැඳීම් වලට වඩා 
පුරුදු තනිකමයි කඳුළයි මට සැපයි
හැමදාමත්...

සඳත් ගිනිගෙන දැවෙන මොහොතේ.... හිරුගෙ සිසිලස කෙලෙස අයදිම්දෝ...


ෆෝන් එක අතට ගන්න හැම වෙලාවේම... 
තනියම පාළුවේ ඉන්න හැම වෙලාවකම.... 
මට හිතෙන්නෙම ඔයාට කතා කරන්න කියලා... 
ඒත්... 
මම මාවම නවත්තගන්නවා...
මන් මටත් වඩා ඔයා ගැන හිතන හින්දද මන්දා 
ඔයාගේ සමහර වැඩ නිසා මට රිදෙනවා හුගාක්....
එහෙම කියලා ඔයාට නීති දාන්නත් බෑ මට...
ඈතින් ඉඳන් ඔයා දිහා බලාගෙන 
දවසක ඔයා හැදෙයි කියන එකම පැතුමෙන් 
තාමත් මම මග බලාගෙන ඉන්නවා රන්...
උත්සහ කලොත් බැරි නෑ නේද මගේ මැට්ටෝ... 

Thursday, July 31, 2014

වළ පල්ලට ගිය ලංකාවේ විශේෂ අධ්‍යාපනය...



ලංකාවේ බහුතරයක් පාසල් වල විශේෂ අධ්‍යාපන ඉගැනුම් කොච්චර පහල මට්ටමකද තියෙන්නේ කියලා හිතුනා ඊයේ..  මටත් වඩා අවුරුද්දක් වැඩිමල් අක්කා කෙනෙක් ඉන්නවා අපේ ග්‍රැෆික් ක්ලාස් එකේ... එයාට කතා කරන්න බෑ කන් ඇහෙන්නෙත් නෑ උපතින්ම... එයාගේ අක්කටත් එහෙමලු.. ඊයේ අපිට ඇප්ලිකේෂන් එකක් පුරවන්න දුන්නා සර්... පව් දෙයියනේ මේ අක්කට ලියන්න බෑ තනියෙන්...  ලියලා තියෙන දේ කියවලා තේරුම් ගන්නත් බෑ.. මම කොලේක ලියලා දුන්නම ඒක බලාගෙන ඇප්ලිකේෂන් එක පිරෙව්වේ...  

ස්කුල් එකේ එයා විශේෂ අධ්‍යාපන ඒකකයේ ඉගෙනගෙන තියෙන්නේ... ස්කුල් එකේදී වැඩි හරියක්ම කරන්නේ පන්තියට වෙලා ඔහේ ඉන්න එකලු... ඉගැන්නුවේ නෑලු... ලියන්න තියා අඩු තරමේ සයින් ලැන්වේජ් එක වත් උගන්නලා නෑ...  මන් දැක්ක විදියට එයා හුගක් දක්ෂයි... ග්‍රැෆික් එහෙම සර් කියල දුන්නම ටක් ගාල අල්ලගනවා වැඩ... අනිත් ළමයින්ට මම සති ගානක් කියල දුන්නත් අද කරපු දේ හෙට අමතකයි... ඒ අක්කා මෙච්චර දක්ෂයි නම් හොඳ අධ්‍යාපනයක් ලැබුනා නම් ඉහළටම යන්න තිබ්බා...  ආසාව තිබ්බත් එයාට අවස්ථාව ලැබිලා නෑ... අදටත් එයා දුක් වෙනවා ඒ ගැන... 





ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත අය සමාජෙන් කොන් වෙනවා වැඩියි... ඒත් පිටරටවල් වල එහෙම නෑ... ඇමරිකාවේ ශ්‍රවනාබධිත කථානාබාධිත අයටම කියලා වෙනම කැම්පස් පවා තියෙනවා... ලංකාවේ නම් රත්මලානේ ස්කුල් එක තමා දැනට හොඳම තත්වයේ තියෙන්නේ මම දන්න විදියට ... එත් ඈත පළාත් වල දුෂ්කර ප්‍රදේශ වල දුප්පත් අයට රත්මලානේ ස්කුල් එකට යන්න බැරි ප්‍රශ්න නිසා ගොඩක් ළමයින්ට ඉගෙනගන්න තියෙන අවස්ථාව මගහැරෙනවා... මේ ප්‍රශ්නේ ගැන රජය මිට වඩා වගකීමෙන් හිතන්න ඕනේ... හැම ස්කුල් එකකටම සන්නිවේදන පියසක් දෙන මහින්දයට ඇයි හැම ස්කුල් එකම විශේෂ අධ්‍යාපන ඒකකය ක්‍රියාකාරී මට්ටමින් පවත්වාගෙන යන්න වැඩපිළිවෙලක් සකස් කරන්න බැරි... 



ඇමරිකාවේ අඳ බිහිරි පාසලක්...


ඇමරිකාවේ අඳ බිහිරි විශ්ව විද්‍යාලයක්.....

Sunday, June 1, 2014

හිමිවුනු ඔබ මට අහිමි වෙලා... කොහොමද වාවා ගන්නේ මා...


මතක් වෙන්නේ නැද්ද මාව චුට්ටක් වත්...

මතක් උනත් නෑ වගේ ඉන්නවා ඇති නේද...

හුම්ම්ම්...

මාත් එහෙමයි දැන්... 

මතක් වෙන හැම පාරම නොදන්නවා වගේ ඉන්නවා...

තනිකරම මම මාත් එක්ක කරගන්න රඟපෑමක්....

දවසක මටම ඇතිවෙයි... 

ඒත් රන්...

ඔයා මවල දුන්න ලෝකේ 
තාමත් මම ජිවත් වෙනවා...
 
අදටත් මේ ඇස් වලට කඳුළු උනන්නේ...
 
ඒ ලස්සන හීනෙන් මිදෙන්න ලෝබ කමට...

අහිමි බව දැන දැනත්...

පණ වගේ ඒ හීනෙට ආදරේ ඇයි කියලා 
අදටත් මම දන්නැහැ...

Thursday, May 15, 2014

අප්පච්චියේ.....




චුට්ටිම චුට්ටි කාලේ ඉඳන් 
ඔය උණුහුමේ තුරුල් වෙලා 
නැළවිලි ගී අහමින් 
නැළවුණු දෝණි මමයි තාමත්
අප්පච්චියේ...

දිනෙන් දින ලොකු මහත් උවත් 
එදා මෙන්ම අදටත්
ඒ දයාබරිත උණුහුමම සොයනා 
ඔබේ පුංචි කුමාරිකාව මමයි 
අප්පච්චියේ....

මහා රෑ නොනිදා අවදිව 
ඔබේ සෙනෙහේ උල්පත සිහිකර 
නිහඬව ඉකිබිඳ වැළපෙන 
සීමා මායිම් නැති පිය සෙනෙහසක 
උරුමක්කාරි මමයි 
අප්පච්චියේ....

සුබ උපන් දිනයක් වේවා කියන්නට
නිදුක් නිරෝගී දිඝායුෂ පතන්නට
දෙපා වැඳ නමදින්නට 
අද ඔයා නැහැනේ මන් ළඟ
දුරක ගියේ ඇයි මගේ 
අප්පච්චියේ..... 


ඔබට නිවන් සුව මගේ රත්තරන් අප්පච්චී...!!!
මතු උපදින හැම භවයකදිම 
ඔයාගෙම දෝණි වෙලා ඉපදෙන්න 
පාරමිතා පුරනවා මන් හැමදාමත්...
ආදරෙයි ගොඩාරියක්....