ලංකාවේ බහුතරයක් පාසල් වල විශේෂ අධ්‍යාපන ඉගැනුම් කොච්චර පහල මට්ටමකද තියෙන්නේ කියලා හිතුනා ඊයේ.. මටත් වඩා අවුරුද්දක් වැඩිමල් අක්කා කෙනෙක් ඉන්නවා අපේ ග්‍රැෆික් ක්ලාස් එකේ... එයාට කතා කරන්න බෑ කන් ඇහෙන්නෙත් නෑ උපතින්ම... එයාගේ අක්කටත් එහෙමලු.. ඊයේ අපිට ඇප්ලිකේෂන් එකක් පුරවන්න දුන්නා සර්... පව් දෙයියනේ මේ අක්කට ලියන්න බෑ තනියෙන්... ලියලා තියෙන දේ කියවලා තේරුම් ගන්නත් බෑ.. මම කොලේක ලියලා දුන්නම ඒක බලාගෙන ඇප්ලිකේෂන් එක පිරෙව්වේ...
ස්කුල් එකේ එයා විශේෂ අධ්‍යාපන ඒකකයේ ඉගෙනගෙන තියෙන්නේ... ස්කුල් එකේදී වැඩි හරියක්ම කරන්නේ පන්තියට වෙලා ඔහේ ඉන්න එකලු... ඉගැන්නුවේ නෑලු... ලියන්න තියා අඩු තරමේ සයින් ලැන්වේජ් එක වත් උගන්නලා නෑ... මන් දැක්ක විදියට එයා හුගක් දක්ෂයි... ග්‍රැෆික් එහෙම සර් කියල දුන්නම ටක් ගාල අල්ලගනවා වැඩ... අනිත් ළමයින්ට මම සති ගානක් කියල දුන්නත් අද කරපු දේ හෙට අමතකයි... ඒ අක්කා මෙච්චර දක්ෂයි නම් හොඳ අධ්‍යාපනයක් ලැබුනා නම් ඉහළටම යන්න තිබ්බා... ආසාව තිබ්බත් එයාට අවස්ථාව ලැබිලා නෑ... අදටත් එයා දුක් වෙනවා ඒ ගැන...
ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත අය සමාජෙන් කොන් වෙනවා වැඩියි... ඒත් පිටරටවල් වල එහෙම නෑ... ඇමරිකාවේ ශ්‍රවනාබධිත කථානාබාධිත අයටම කියලා වෙනම කැම්පස් පවා තියෙනවා... ලංකාවේ නම් රත්මලානේ ස්කුල් එක තමා දැනට හොඳම තත්වයේ තියෙන්නේ මම දන්න විදියට ... එත් ඈත පළාත් වල දුෂ්කර ප්‍රදේශ වල දුප්පත් අයට රත්මලානේ ස්කුල් එකට යන්න බැරි ප්‍රශ්න නිසා ගොඩක් ළමයින්ට ඉගෙනගන්න තියෙන අවස්ථාව මගහැරෙනවා... මේ ප්‍රශ්නේ ගැන රජය මිට වඩා වගකීමෙන් හිතන්න ඕනේ... හැම ස්කුල් එකකටම සන්නිවේදන පියසක් දෙන මහින්දයට ඇයි හැම ස්කුල් එකම විශේෂ අධ්‍යාපන ඒකකය ක්‍රියාකාරී මට්ටමින් පවත්වාගෙන යන්න වැඩපිළිවෙලක් සකස් කරන්න බැරි...
ඔන්න මමත් බ්ලොග් එකට ගොඩවැදුනා. අපේ බ්ලොග් දර්ශකයට මේකත් ඇතුල් කරන්න ලින්ක් එක අපට එවන්න. මෙන්න අපේ බ්ලොග් දර්ශකයේ පිවිසුම.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
ඊ මේල් කළා... තැන්කු ඈ ! ^_^
Deleteමේක නම් අපේ රටේ බොහෝ දෙනෙක්‍ගේ අවධානයට යොමු විය යුතු කරුනක් ,ඒත් අවාසනාවට එහෙම නෑ නේ ,එහෙම රටක් නෙමේනේ අපේ රට ,හොදට ඇහැ පේන කණ ඇහෙන අයටත් ඉගෙනගන්‍න හැමෝටම අවස්‍ථාවක් පහසු කම් නැති රටක මේ වගේ අහින්‍සක දරුවෝ ගැන කුමන කතාද කියලා හිතෙනවා . සමාජ සේවා කරන ආයතන වලට මේවා පෙනෙනවා නම් වටිනවා . මොනවා උනත් මේ ගැන කතා කල ඔබේ උත්‍සාහය අගය කරනවා . මටත් බ්‍ලොග් එකක් තියෙනවා මට හිතෙනවා මේ ගැන මමත් යමක් ලියන්‍න ඕන කියලා
ReplyDeleteආසියාවේ ආශ්චර්ය තමා... :-( කෙනෙක්ගේ දුක තේරෙන්නේ අපිත් දවසක ඒ තත්වෙට වැටුනමයි... වගකිවයුත්තෝ නොදැක්කා වගේ ඉන්න එක තමා කරන්නේ ගොඩක් වෙලාවට... :-(
Deleteගොඩක් වටිනා සටහනක්.. අපේ රටේ අනික් අධ්‍යාපන ක්‍රමත් වලපල්ලට යන එකේ මේ ගැන ඉතින් කවර කතාද...
ReplyDeleteකියලා වැඩක් නෑ සහෝ... ඉවසලා බැරිම තැන මෙහෙම ලියලා හිත නිදහස් කරගත්තේ... ගෙදර ඇවිල්ල දවස් ගානක් යනන්කන් මේ සිදුවීම හිතේ හොල්මන් කරා... පපු කැවුත්තටම දැනුනා මේක නම්... :'(
Deleteගොඩක් ලස්සනයි.
ReplyDeleteතෑන්ක්ස් :-)
Delete