හප්පේ මදැයි මං කුරුටු ගාල තියෙන තරමක්... මේවායේ අගක් මුලක් මටවත් හොයාගන්න බෑ දැන්.... :D හැබෑට මං මේ මොනාද ලියන්නේ.... මොනා කුරුටු ගෑවත් මේ අකුරක් පාසාම මගේ ජීවිතේ ගැන ලියවිලා තියෙනවා කියලා නම් කියතෑකි... කෙටියෙන් කිව්වොත් මේක තමා මගේ ඩයරිය... හැබැයි මේ ඩයරිය නම් ඕන කෙනෙකුට කියවන්න අවසරය තියෙනව... මතක ඇති කාලෙක ඉදන් මං සතුටටත් ලිව්වා... දුකටත් ලිව්වා.... හිතට එන හැම විකාරයක්ම ලියන්නත් පුරුදු වෙලා හිටියා කවි නිසදැස් වලින්... වැඩ වැඩි උනාම ඒ පුරුද්ද අඩු උනා.... මොන ප්‍රශ්නයක් ආවත් හැමදේම වෙන්නේ හොඳට කියලා ටාර් ගාලා හිත හදාගත්තෑකි දැන් නම්.....
මං අත්දැකීමෙන් තේරුම් ගත්ත දෙයක් තමයි දුක් විඳින තරමට, වැටී වැටී නැගිටින තරමට හිත හයිය වෙනවා පුදුමාකාර විදියට.... පඩි සියයක් තියෙන පඩිපෙළක පඩි පනහක් අමාරුවෙන් හරි නැගලා නැගල, පඩිපෙළ මැදට ආවම හිතට ගැම්මක් එනවා මෙච්චර දුර ආව නම් මට ඉහළටම නගින්න බැරි නෑ කියල.... වෙලාවකට ප්‍රශ්න වල හිරවෙලා හිතින් වැටුනම අඬ අඬ ඉන්නවා කිසි දෙයක් හිතාගන්න බැරුව.... පස්සේ තමන්ටම තේරෙනවා අඬලා වැඩක් නෑ කියලා... කඳුළු පිහිදාගෙන නැගිටිනවා ආපහු..... ඇත්තටම ජීවිතේ මෙහෙමයි, මේ වගෙයි කියල පණ්ඩිතයා වගේ කියන්න තරම් එච්චර වයසකුත් නෑ තමා මට... ඒත් මේ අවුරුදු විසි ගානට මං අත්විඳපු දේවල් වලින් ජීවිත කාලෙටම මතක හිටින්න පාඩම් ඉගෙනගත්තා..... යකා අපි හිතන තරම් කළු නෑ අනේ..... :D
කාලයක් තිබ්බා මං බොළඳව හැසිරුන.... :p වෙලාවකට මටම හිනා යනවා ඒවා මතක් වෙද්දී... නොතේරෙන කාලේ අපි කරපු වැරදි තේරෙන කාලෙකට ආවමවත් නිවැරදි කරගන්න බැයිනම් වැඩක් නැනේ නේද..... මං මුලින් හිතුවේ මගේ ජීවිතේ මහා අවුල ජාලාවක් කියලා.... ප්‍රශ්න එනවා මිසක් ඒවට විසඳුමක් නෑ, කෙලවරක් නෑ කියලා..... දැන් මටම තේරෙනවා මමයි අවුල් ජාලාවක් කරගෙන ඉදල තියෙන්නේ කියලා.... :D ඉතිං අමාරුවෙන් හරි වෙනස් වෙලා පිළිවෙලක් කරගත්තා ටික ටික.... හැබැයි ඉතිං අා මඟ කෙටියි.... යා යුතු මඟ දුරයිනේ.... ඊයේ එක දෙයක් කියපු මං අද මෙහෙම කිව්වට හෙට තවත් විදියකට කියයි එක්කෝ...... :p ජීවිතේ ලස්සන කරගන්න එකත් අවුල් කරගන්න එකත් අපේ අතෙයි රැඳිලා තියෙන්නේ....
ඉතිං මං දයාබරව කියන්න කැමතියි, ජීවිතේ විඳින්න.... විඳවන්න එපා..... :)
ජීවිතේට ප්‍රශ්ණ නැත්නම් ඒකේ ඇති වැඩකුත් නැහැ එක අතකට.. ජීවිතේ හරියට දකින්න පුළුවන් නම් ජීවිතේ විදවන්නේ නැතුව විදින එක මම හිතන්නේ ලේසි වේවි..
ReplyDeleteඇත්ත නේන්නං... :D
Delete(මං හිතුවෙ මේ මහ පාන්දර බ්ලොග් එකේ කුරුටු ගාන්නෙ මං විතරයි කියල... සංටූසයිඊඊඊඊ එසේ නොවීම ගැන :p )
ජීවිතය කියන්නේ ලස්සනට ගලාගෙන යන සුන්දර දෙයක් නෙමෙයි... අපි ඒ විදිහට බලාපොරොත්තු වෙන්නත් හොද නැහැ... ඒතකොට තමයි දුකක් අාවත් අපි වැටෙන්නේ... වේදනාවන් බලාපොරොත්තු වෙන්න ඔ්නේ... ඒත් ඒවා බලෙන් ලබාගත යුතු නැහැ..... ඔ්නේ දුකක් විදින්න පුළුවන් නම් ඒක තමයි ජීවිතය විදින්නට හැකි හොද ම ක්‍රමය
ReplyDeleteමාත් එකඟයි කතාවට... තැලෙන තරමටනෙ යකඩයක් උනත් ගානට හැදෙන්නේ... ;)
Delete