නුඹ හිරූ වෙලා..., මම සඳු වෙලා...,අද අපි දෙන්නා දෙතැනක ඉදන් අපේ ආදරය කවි පද වලින් ගෙත්තම් කරනවා. නුඹ අද මගේ ළඟ නැති උනාට, නුඹේ ඒ පුරුදු සෙනෙහස මං ළඟ තනි රකිනවා. පරක් තෙරක් නොපෙනෙන මේ විසල් අහස වගේ නුඹේ ආදරයත් මට අනන්තයි හිරූ.
අහස සේ නුඹ අනන්තයි....
Wednesday, October 8, 2014
කෙසෙල් කොලේ බත් පතේ සුවඳට.... සිහිවෙනවා නුඹව තාත්තේ...
ඉස්සරෝම දවස් වල... පුංචි උනත් අම්මත් එක්ක හරි හරියට උයන්න ආසයි මං... ( දැන් නම් පට්ට කම්මැලියෙක් :p ) ඒ වගේම කෙසෙල් කොලේ ඔතපු බත් කන්න හරි ආසයි... සෙනසුරාදා ඉරිදා දවස් වලට (ඉස්කෝලේ යන නිසා ගෙදර ඉන්නේ සති අන්තේ විතරනේ) අම්මයි මමයි එකතු වෙලා උයනවා... මමයි මේනු එක තෝරන්නේ... මට තනියම උයන්න පුළුවන් උනාට අම්මා මාව කුස්සියේ තනියම තියන්නේ නෑ... වෙන මොකක් නිසාවත් නෙමේ... අත පය පුච්චගනී කියලා බයට තමා... හෙහෙ...
ඔන්න ඉතින් මම තෝරාගන්නේ හරිම සරල මේනු එකක්... හාල්මැස්සෝ බැදුමක් හදලා, පරිප්පු වේලෙන්න උයලා, පොළොස් මාළුවක් උයලා, ගොටුකොල සම්බෝලයක් තමයි මගේ තේරීම... එක එක දවස් වලට වෙනස් වෙනවා ඉතින්... උයලා ඉවර වෙලා උණු උණුවේ කෙසෙල් කොළේක බත් මුලක් ඔතලා තියලා නාල රෙදි සෝදලා එහෙම ඇවිත් දවල්ට ඒ බත් එක කනවා... හම්මේ පළාතම සුවඳයි බත් එක දිග අරිද්දි... මතක් වෙද්දී මේ දැනුත් කටට කෙළ උනනවා... :p ඇත්තම කිව්වොත් කෙසෙල් කොලේ ඔතලා තිබ්බම කෑම එකේ රස දෙගුණ වෙනවා... කාලා තියෙන අයම දන්නවා ඇතිනේ ඒක.
හැබැයි අපේ ගෙදර මම විතරයි එහෙම කන්නේ... අම්මයි තාත්තයි හිනා වෙනවා මේ කෙල්ලට පිස්සු කියලා.. පිස්සු උනාට මොකෝ එහෙම කද්දී තියෙන රස දන්නේ මමනේ.. ගෙදර අයට පෙන්න පෙන්න කෑවා මං හෙන ආඩම්බරෙකින්... :v මං දන්නවා මට හිනා උනාට කස්ටියටත් ආසයි කියලා... කොහෙද ලොකු සින් දදා ඉන්නවනේ... ඔහොම ටික දවසක් යද්දී තාත්තටත් මගේ ලෙඩේම බෝ උනා... දවසක් මම බත් මුල බදිද්දී තාත්තා ඇවිත් කිව්වා මටත් කෙසෙල් කොළේ බත් කන්න ඕනේ කියලා... ඉස්සරම මට විතරක් බෙදපු බත් මුල දැන් බත් මුල් දෙකක් උනා... තාත්තත් මන් වගේම නාල එහෙම ඇවිත් රස කර කර කද්දී මට ඇස් වලටත් කඳුළු ඉනුවා ලාවට වගේ.. තාත්තා වගේමනේ දුවත්... දුව වගේමනේ තාත්තත්....
දැන් නම් මගේ ඒ පුරුද්ද එහෙම් පිටින්ම නැති වෙලා ගිහින්... තාත්තා නැති උනාම මගේ ජිවිතේ සෑහෙන්න වෙනස් උනා කිව්වොත් හරි... ඒ හැම මතකයකම දැන් මාව අඬවනවා... අහම්බෙන් හරි කෙසෙල් කොලේ බත් එකක් දැක්කත් තාත්තව මතක් වෙනවමයි... ජිවිතේ අපි හැමෝටම මතක සටහන් ගොඩාරියක් තියෙනවා... ඒ හැම මතක සටහනක් පිටුපසම සැඟවුණු කතාවකුත් තියෙනවා කියන්නේ ඇත්තනේ...
මේ කතාව කියවපු එකේ නිවාඩු වෙලාවක පොඩි අත්හදා බැලීමක් කරලා බලන්නකෝ ඉතින්... ඔයාලට රස කර කර කෙසෙල් කොලේක බත් කටක් කන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මමත්... :p
Subscribe to:
Post Comments (Atom)
හම්මේ ඉතින්,, පොඩි කාලේ ලාවට වගේ මටත් ඔය උණ තිබ්බා.. ඒකට සෙට් වෙන්නේ මල්ලියි මමයි.. :D
ReplyDeleteහෙහෙ... මං හිතුවේ මට විතරයි කියලා මෙහෙම ලෙඩක් තියෙන්නේ... :D
Deleteඅහන්නත් සන්තෝෂයි මං වගේ තව අය ඉන්න එක ගැන... ^_^ :p
දුවෙකුට තාත්තා කෙනෙක් කියන්නේ කොච්චර ලොකු වස්තුවක්ද. මොනවා වුනත් පිස්සු හැදෙන ෆොටෝස් දාන්න එපා.
ReplyDeleteඅපි තුන්දෙනා ලඟදී අග නගරයට ගිය වෙලාවේ, ඉන්දියන් කඩේකින් කෙහෙල් කොළ තුනක් ගෙනාවා. ගෑස් ලිපේ තියලා කොළ තවා ගත්තා. ඊට පස්සේ උයපු එව්වා..තියලා කොළේ ඔතලා පැයක් විතර රස උරාගන්න තියලා කන්න ගත්තා. කෑම සීතල වෙලා හොඳටම. මේ සීතලට අයිසුත් වෙනවානේ. පස්සේ මයික්‍රොවේව් එකට දාලා අරන් රස කර කර කෑවා. බලන්න අපිට කොච්චර දේවල් මිස් වෙනවාද කියලා. දුකයි.ඒත් මොනවා කරන්නද.
මෙහේ කෙහෙල් කොළයක් පවුමයි. පටන් ගමුද බිස්නස් එකක් :D
රායිට්. පටන් ගමු කෙසෙල් කොළ බිස්නස් එකක්.... :v
Deleteදැන් උයන්න පුළුවන්ද?
ReplyDeleteපුළුවන්.. ඉස්සර තරම් බෑ දැන්. :( කම්මැලි වෙලා.
Deleteහ්ම්......, කොහොමත් ඉස්සරත් කම්මැලි ඔයා.
ReplyDeleteකෝමද දන්නේ ?
Deleteඩියර් ඇඩ්මින්, ඔබගේ දැන්වීමටතුතී... :D
ReplyDelete