නුඹ හිරූ වෙලා..., මම සඳු වෙලා...,අද අපි දෙන්නා දෙතැනක ඉදන් අපේ ආදරය කවි පද වලින් ගෙත්තම් කරනවා. නුඹ අද මගේ ළඟ නැති උනාට, නුඹේ ඒ පුරුදු සෙනෙහස මං ළඟ තනි රකිනවා. පරක් තෙරක් නොපෙනෙන මේ විසල් අහස වගේ නුඹේ ආදරයත් මට අනන්තයි හිරූ.
අහස සේ නුඹ අනන්තයි....
Saturday, May 18, 2013
ආදරය සහ කඳුළ
කොල්ලෙකුයි කෙල්ලෙකුයි ආදරවන්තයෝ වෙන්න කලින් දෙන්නට දෙන්න හොද යාලුවෝ.දෙන්නගෙම කිසි වරදක් පෙන්නේ නෑ.සමාව දීම, සමාව ගැනීම ඉහලින්ම තියෙනවා.කාලයක් යද්දී දෙන්නට හිතෙනවා මෙයා තමා මට ගැලපෙනම කෙනා කියලා.ඒත් ආදරවන්තයෝ උනාට පස්සේ ...........
පොඩි දේටත් හිත රිද්දගන්නවා දෙන්නම
අරම එපා. මෙහෙම එපා කියලා දෙන්නට දෙන්නා නීති දාගන්නවා
එයා තමන් ගැන හැර වෙන කා ගැනවත් හිතනවට කැමති නෑ
යන තැනක් කියල යන්න ඕනේ
ෆේස් බුක් යන්නත් තහනම් කරගන්නවා වෙන අයත් එක්ක මල් කඩනවා කියලා
වෙලාවක හිතෙනවා මගේ නිදහස නැති වෙලා කියලා
තමන් අකමැති දෙයක් අනෙකා කලාම අන්තිමට කියනවා එය මන් හිතපු කෙනා නෙමෙයි.එයා දැන් වෙනස් වෙලා,එය මට ආදරේ නෑ.මේ බොරු ආදරෙන් වැඩක් නෑ.මට එයාව එපා වෙලා කියලා. පස්සේ.......... දෙන්න දෙපැත්තට වෙනවා. හ්ම්ම්ම්ම්ම්ම්......
ආදරේ රදා පවතින්නේ යාලුවනේ විශ්වාසය, එකිනෙකට තේරුම් ගැනීම, එකිනෙකට ගරු කිරීම මතයි.දෙන්න අතරේ මේ ගුණාංග තියෙනවා නම්. තමන්ගේ ආදරේ ගැන විශ්වාස නම්. මේ කිසිම දෙයක් වෙන්නේ නෑ. එකිනෙකාට නීති දාන්න අවශ්‍ය නෑ.රණ්ඩු කරන්න වෙන්නේ නෑ.ජිවිත කාලෙම සතුටින් සමගියෙන් ආදරයෙන් ඉන්න පුළුවන්.මම මේක කියන්නේ මගේ පෞද්ගලික අත්දැකීමෙන්.
Subscribe to:
Post Comments (Atom)
//මම මේක කියන්නේ මගේ පෞද්ගලික අත්දැකීමෙන්.//
ReplyDeleteඑහෙනම් ඉතින් අපි කොහොමද ඒක එහෙම නෙවෙයි කියන්නෙ.. :D:D
//ආදරේ රදා පවතින්නේ විශ්වාසය, එකිනෙකට තේරුම් ගැනීම, එකිනෙකට ගරු කිරීම මතයි.// මිනිස්සු අතර තියන හිතවත්කම්, මිත්‍රකම් වුනත් පවතින්නෙ ඔය කියපු දේවල් මත නේද කියල මට හිතෙනව.
(කමෙන්ට් වෙරිෆිකේශන් අයින් කරන්න. ඒක තියන කොට කියවන අය කමෙන්ට් නොකර යන්න යනව. කමෙන්ට් කරන්න කරදර නිසා.)
හිකිස්.... හිකිස්... මම මේක ලිව්වේ ඉතින් මට වෙච්ච දෙයක් ගැන චන්දනයියේ :D
ReplyDeleteමටම මතක තියාගන්නත් එක්ක ලියල බ්ලොග් එකට දාගත්ත. හී.....
එක එක්කෙනාට තියෙන්නේ එක එක ජාතියේ අත්දැකිම්නේ.
මට මහා ගොඩක් ලියන්න තේරෙන්නේ නම් නෑ.
කමෙන්ට් වෙරිෆිකේශන් අයින් කළෝ,
කියල දුන්නට බොහොමත් පින් ඔබතුමාට. !
වැඩි වැඩියෙන් සිතුවිලි පහල වේවා කියල පතමි. ^_^