අහස සේ නුඹ අනන්තයි....

Wednesday, July 24, 2013

කෙටි කලකින් හමු වී... මගේ ජීවිතේට පැමිණි... ලස්සනම සිහිනෙකි ඔයා...


 


= බබා... බඩ්ඩක් කියන්නද...
කියන්න සුදු මැණික....
= ම්ම්ම්ම්....
කියන්න වස්තු... මං අහගෙන ඉන්නේ...
= මේ... මම...
කියන්න ඉතිං...
= මම.... මම....
කියහන්කෝ සෙද්ද..
= මං මගේ ඉබ්බට ගොඩාරියක් ආදරෙයි...
හික්ස්ස්...
= :/ මුකො හිනා වෙන්නේ.,,, තලායි හොදේ.
අනේ මගේ සුදු බබෝ.. මාත් මගේ ඉබ්බිට ගොඩාරියක් ආදරෙයි. මගේ පණටත් වැඩිය.කෝ දැන් හිනා වෙන්න චුට්ටක්...
= බෑ... තලාම තලයි... අරකක් දෙනකන් තලායි මං...
මොකක් දෙනකන්ද සුදු...
= අරකක්...
මොකක්ද බබා...
= අර අරකක්...
මොකක්ද බං අරක....
= නළලට එකක්... :p
හිහිහිහි... පිස්සි.. කෝ එන්න... උම්ම්ම්ම්මා... උම්ම්ම්ම්මා.... එකට දෙකක්ම දුන්නා. දැන් යාලුයි නේද.
= යස් බොස්... ^_^
මටත් අරකක් ඕනේ බබා...
= මගේ ඉබ්බාට නැතුව වෙන කාට දෙන්නද ... එකට දහයක්ම දෙනෝ මගේ පැටියට....
හැබැයි බබා නළලට නම් නෙමෙයි...
= ඕඕ... එනම්....
මෙන්න මෙතනට... තොල් වලට...
= හප්පේ... නලක් වෙලා හොදටම.. දෙනවා ගුටි හොදේ...
අනේ සුදු... එකම එකක්...ආදලෙයිනේ මගේ මැණිකට... මගේ ඉබ්බිගෙන් නැතුව වෙන කාගෙන් ඉල්ලන්නද මං ...
= මරනවා වෙන කාගෙන්වත් ඉල්ලුවොත් හලිද,,,,
හීහිහිහි.... එහෙනම් දීපංකො.....
= උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා...... ඔන්න දැන් හලි නේද බබා...
කෙල්ල බය උනා නේද මං වෙන කාගෙන් හරි ඉල්ලගනී කියලා... හිහිහි....
= අනේ යනෝ තඩියා.... වැඩේමයි බය වෙන්න....
හිහිහි.... මගේ හිත වල් නෑ කෙල්ලේ... දැන් බස්සි වගේ මුණ එල්ලගෙන ඉන්නේ නැතුව හිනා වෙන්න. උම්ම්ම්මා...

Saturday, July 13, 2013

දෝණිගේ කතාව - ( 2 කොටස )


 1 වැනි කොටසේ සිට >>>>

මාස එකහමාරකට පස්සේ දෝණි රෝහලෙන් ගෙදර ආපු දවස අයියට ඉහේ මලක් පිපුනා වගේ සතුටක් වුණා. වෙනදට වගේ දැන් නංගිත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්නේ කියලා තුටින් ඉපිලුනා. එත් පහු වෙද්දී අයියට තේරුම් ගියා නංගිට කන් ඇහෙන්නේ නෑ කියලා, ඒත් ඒ ඇයි කියලා ඒ පුංචි හිතට තේරුම් ගන්න බැරි වුණා, මොනවා උනත් නංගි ආපහු ආවනේ කියලයි අයියා නිතරම හිතුවේ.දැන් දෝණිට ජිවිතේ අලුත් දෙයක් වගේ පෙනුනේ. කිසි දෙයක් ඇහෙන්නේ නෑ.පේනවා විතරයි. වෛද්‍යවරු කියල තිබුනේ මාස 6ක් වත් දෝණිට විවේකය අවශ්‍යයි කියලා. ඒ නිසා දෝණිට නිහඬ ලෝකයට හුරු වෙන්න කල් තිබුණා. පාසැල් නොගියත්, පන්ති භාර මිස් දෝණිට ගෙදර ඉදන් කරන්න ගෙදර වැඩ පොත් වල සටහන් කරලා එවුවා.දෝණි අම්මගේ උදව්වෙන් ඒවා කරලා විෂය කරුණු අවබෝධ කරගත්තා, අකුරු, වචන, අදුරගන්න, ශබ්ද කරන්න පුළුවන්කම තිබ්බ නිසා දෝණිට ඉගෙනීම් කටයුතු කරගන්න පුළුවන් වුණා. මාස 6කට පස්සේ දෝණි අයෙමත් පාසල් ගියා. ටිකෙන් ටික දෝණි හැමදේටම හුරු වුණා. එත් ඇහෙන්නේ නැති නිසයි,  කථන අපහසුතාවයයි නිසා පංතියේදී අසා ලිවීම, කියවීම ආදියෙන් නම් දෝණි දුර්වල මට්ටමක හිටියේ. කෙසේ හෝ දෝණි 5වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වුණා. ඇය මුළු පාසලටම නිහඬ ආදර්ශයක් වුණා.කාලයත් සමගම ඇය ඉගෙනීම් කටයුතු කෙරෙහි දක්ෂතාවයන් දැක්වුවා. සටහන් වලින්, පොත් වලින් පමණක් දැනුම හොයාගෙන ඇය 6වසරේ සිට නොකඩවා  පංතියේ පළමු,  දෙවන, තෙවන ස්ථාන ලබාගත්තා.සාමාන්‍ය පෙළ විභාගය ද හොදින් සමත් වුණා.

ඒ කාලයේදී දෝණිගේ ආදරණිය තාත්තා නැති වුණා. පොඩි කාලේ ඉදලම දෝණිට හුගාක් සමීප වෙලා හිටියේ තාත්තා. ඉස්කෝලේ ඇරිලා ඇවිත් දෝණිට කන්න බොන්න කෑම බීම ගොඩක් ජාති ගෙනල්ල, ෆ්‍රිජ් එකට දාල තියනවා, දෝණි කන්න ආස වෙරළු, ජම්බු වගේ දේවල් කොහේ හරි තියෙනවා  දැක්කොත් ගෙනත් දෙනවා, දෝණිත් එක්ක ගොඩාක් වෙලා විහිලු කතා කියනවා. පිටතට නොපෙන්නුවට හුගාක් දැඩි බැඳීමක් දෝණියි, තාත්තයි අතරේ තිබුණා. දෝණි හුගාක් කම්පනය වුණා තාත්තාගේ වියෝවෙන්. දැන් දෝණිගේ ලෝකයේ ඉන්නේ අම්මයි, අයියයි විතරයි. තාත්තගේ වියෝව නිසා දෝණිට උසස් පාසලකට ඇතුලත් වෙන්න සිහියක් තිබුනේ නෑ. හිටපු පාසැලේ උසස් පෙළ පංති නැති නිසා කිට්ටුව තියෙන වෙනත් පාසලකට දෝණි ඇතුලත් වුණා. ඒ වෙද්දී උසස් පෙළ පංති පටන් අරන් තිබුනේ. හෙවනැල්ල වගේ අම්මයි, අයියයි හිටපු එක දෝණිට ලොකු ශක්තියක්, ධෛර්යක් වුණා.දෝණී හොදින් උසස් පෙළ විභාගය සමත් වුණා. විශ්වාස කරන්න.... ඇය ඉගෙන ගත්තේ සාමාන්‍ය පංතියක, සාමාන්‍ය ළමුන් එක්ක, ඇහෙන්නේ නැති ඇය සටහන් ලියාගත්තේ යාලුවන්ගේ පොත් බලාගෙන, යාලුවෝ ඇයට හුගක් උදව් කළා. විශ්ව විද්‍යාලයට අයැදුම් කරන්න පුළුවන්කම තිබුණත් දෝණි බාහිරව කලා අංශයෙන් උපාධිය හදාරන්න තීරණය කළා.දැන් ඇය දෙවන වසරට සුදානම් වෙනවා. ඒ අතරතුර දෝණි තවත් පාඨමාලා කිහිපයක් හදාරනවා. තව නොබෝ දිනකින් ඇය රැකියාවකටත් යොමු වේවි.

දෝණිට තවමත් කන් ඇහෙන්නේ නෑ. කතා කරන්න පුළුවන් හොදට. එත් ඇහෙන්නේ නැති මිනිස්සුන්ටත් වඩා හොදින් ඇය ජීවිතේට මුහුණ .දෙනවා, දෝණිට ඇහෙන්නේ නෑ කියලා කාටවත් විශ්වාස කරන්නත් අමාරුයි. බොරුවක් කරන්නේ කියල ගොඩක් අය දෝණිට දෝෂාරෝපණය කළා. එත් ඒ හැමෝටම පහු වෙලා හරි තේරුම් ගියා ඇත්ත තත්ත්වේ. දෝණි ඒ කිසි දේකින් වැටුනේ නෑ.අම්මගේ මග පෙන්වීම යටතේ දෝණි අනාගතේට මුහුණ දෙනවා. වෙලාවකට  ඇහෙන්නේ නැති එක ගැන දුක නොහිතෙනවා නෙමෙයි. එත් සියල්ල උපේක්ෂාවෙන් දරාගෙන දෝණි අනාගතේ වෙනුවෙන් සටන් කරනවා, දෝණිගේ අම්මටයි, අයියටයි, දෝණි ගැන ආඩම්බරයි. දෝණිගේ තාත්තා ජිවතුන් අතර හිටිය නම්, ඒ තරමටම තාත්තත් ආඩම්බර වෙනවා ඇති තමන්ගේ පුංචි දෝණි ජීවිතේට මුහුණ දෙන හැටි දැකලා.

හිතන්න ගොඩක් දේවල් තියෙනවා නේද මේ කතාවේ.  ලැබීම්, නොලැබීම්, අපි කාටත් උරුමයි. නොලැබුණු දේට වඩා ලැබිල තියෙන දේ ගැන හිතන්න ඕනි අපි නිතරම, කතාවක් තියෙනවා "අපි කරන පව් පින් අපේ පසුපස රෝදයක් වගේ කැරකිලා එනවා" කියලා. ඒ නිසා අපි අවංකව, සත්‍යවාදීව, උත්සහවන්ත වෙන්න ඕන. මම මේ කතාව ලියන තීරණය කලේ, මේ කතාවෙන් කිසිවෙකුට හෝ ආදර්ශයක්, මග පෙන්වීමක් ලැබේවා කියන පිවිතුරු චේතනාවෙන්.

                                                         ____සඳ කින්නරාවි____
                                                                

දෝණිගේ කතාව - (1කොටස)

 හුස්ම ගන්නවා.... හුස්ම පිට කරනවා... කනවා... බොනවා... නිදාගන්නවා.... මේකටද අපි ජිවිතේ කියන්නේ ? හිතන්න මොහොතක්.. නැහැ. මේක නෙමෙයි ජිවිතේ කියන්නේ. ජීවිතය පවත්වා ගැනීමක් විතරයි ඒ දේවල්.මේ ආනන්තරිය වූ සංසාර ගමනේ එක්තරා නවාතැනක් විතරයි මේ ජිවිතේ කියන්නේ,ජිවිතයක් ලැබීම සාමාන්‍ය දෙයක් උනත් තිරිසනෙක්, යක්ෂයෙක්, ප්‍රේතයෙක්, නොවී මනුෂ්‍ය උත්පත්තියක් ලබන්න පෙර පිනක් තියෙන්න ඕනෙමයි, ඉතින්... බලන්න අපි කොච්චර වාසනාවන්තද නේද? අතක් පයක් අහිමි නොවී, අංගවිකල නොවී, ඉපදෙන්න අපි ඊටත් වඩා වාසනාවන්තයි. නමුත් මනුෂ්‍ය උත්පත්තිය ලැබූ පමණින් අපි අංග සම්පුර්ණ වෙන්නේ නෑ. අපි හැමෝටම යම් දුර්වලකමක් තියෙනවා, මේක කියවන ඔබටත් යම් දුර්වලකමක් තියෙනවා, නැහැයි කිවුවොත් ඔබ බොරුකාරයෙක්, මේක ලියන මටත් දුර්වලකම් තියෙනවා, ඒවා මොනවද කියන එක මෙතනට අදාල නෑ. අපිට වැදගත් අපේ දක්ෂතාවයන්. ඒවා හදුනාගෙන ඔප මට්ටම් කරගත්තොත් අපිට මේ දුර්වලකම් මග හැරගන්න පුළුවන්.

මම එක්තරා කතාවක් කියන්නයි හදන්නේ. එක ගැහැණු  ළමයෙක් ගැන, දුර්වලකම් මැඩගෙන ජිවත් වෙන්න ඉගෙනගත්ත. අම්මයි,  තාත්තයි, අයියයි, ඉන්න පවුලේ බාලයා.මේ ළමයා ඉපදුනාම හදහන බලද්දී කිහිප දෙනෙක්ම කියල තිබුණා ළමයට මාරක අපල තියෙනවා, ජිවත් උනත් හුගාක් බලපෑම් වලට ලක් වෙනවා කියලා.මේ මොන දේ උනත් අම්මටයි තාත්තටයි තමන්ගේ දෝණිට තියෙන සෙනෙහසේ අඩුවක් උනේ නෑ. දෝණි වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා කියල එයාල අදිටන් කරගත්තා. මව්පිය සෙනෙහස තරම් බලවත් දෙයක් මේ ලෝකේ තවත් නෑ කියන්න තවත් එක් සාක්ෂියක් තමයි මේ සත්‍ය කතාව.

හදහනේ අනාවැකි සැබෑ කරමින් දෝණි අවුරුදු 5දී හිටි හැටියේම අසනීප වුනා.දෝණිගේ අම්මයි තාත්තයි වහාම දෝණිව රෝහල්ගත කළා. දවසෙන් දවස තත්වය දරුණු වුන මිසක් අඩුවක් තිබුනේ නැහැ. දෝණිගේ අම්මා හරි හැටි කෑමක් බීමක් නැතුව රෑ දාවල් නොබලා හෙවනැල්ල වගේ දෝණි ලගින් හිටියා. තාත්තත් කරන්න පුළුවන් හැමදේම කළා.රෝහලේ දැඩි සත්කාර ඒකකයට දෝණිව ඇතුල් කලාම අම්මයි තාත්තයි හද පත්ලෙන්ම හඩා වැටුණා. හැම පන්සලකටම, හැම  දෙවාලේකටම, පල්ලියකටම හිතින් බාර උණා.එයාලා එකම දෙයයි ඉල්ලුවේ, ඒ දෝණිගේ ජිවිතේ බේරලා දෙන්න කියලා. රෝහල්ගත වෙලා හිටපු මාස එකහමාර පුරාම දෝණි ජිවත් වුනේ බෙහෙත් වල පිහිටෙන්. වෛද්‍යවරු ඇයට පැය 6න් 6ට බෙහෙත් එන්නත් කළා.මොළයට විෂබීජයක් ගිහින් කියලයි වෛද්‍ය වාර්තා වලින් හෙළි වුනේ, මේ තරම් අඩු වයසක දරුවෙක්ට මේ රෝගී තත්වයයි, බෙහෙතුයි ඔරොත්තු දෙන්නේ නෑ කියලත්,  මෙහෙම වුණාම බේරෙන්නේ 10%ක් වගේ ටික දෙනෙක් කියලත්, බේරුනත් කිසියම් අතුරු අබාධයන්ට මුහුණ දෙන්න වෙනවා කියලත් වෛද්‍යවරු දෝණිගේ අම්මයි තාත්තයි දැනුවත් කරලා තිබුනා, ඉතින් එයාල තේරුම් ගත්ත දෝණීගේ ජිවිතේ අවිනිශ්චිතයි කියලා.

දෝණිගේ අයියා ඒ වෙනකොට 5වසරේ ඉගෙන ගත්තේ, ඒ වෙද්දී නංගිගේ තත්වේ තේරුම් ගන්න පුළුවන් කමක් නැති වුනත්, අයියට දැනුණා නංගිට ගොඩාක් අමාරුයි කියල.පිටතට නොපෙන්නුවත් අයියා හිතින් හඩා වැටුණා. දවසක් ඉස්කොලේදී යාලුවෙක් එක්ක "නංගිට සනීප නෑහැ, ඉස්පිරිතාලේ නවත්තලා" කියල හුගක් අඩලා තිබුණා. පන්තිභාර මිස් ඒක දැකලා එයාගේ හිත හැදුවා නංගිට ඉක්මනට සනීප වෙනවා, අඩන්න එපා කියල.,මේකට තමා සහෝදරත්වය කියන්නේ. සහෝදර බැදීම් හුගාක් ශක්තිමත්.අම්මගෙයි, තාත්තගෙයි, අයියගෙයි, දැඩි හිතින් කරපු ප්‍රාර්ථනාව නිසා හාස්කමක් වගේ දෝණි ටිකෙන් ටික සනීප වෙන ලකුණු පෙන්නුම් කළා. වෛද්‍යවරුන් පුදුම වුනා, දැන් අම්මගෙයි තාත්තගෙයි සතුට දොරේ ගලනවා. මේක ලියද්දි මගේ ඇස් වලත් කඳුළු පිරිලා. ඒ තරම් හැඟුම්බර, සංවේදී කතාවක් මේක. ටිකෙන් ටික සුව අතට හැරුන දෝණිගේ යම් වෙනසක් වෛද්‍යවරුන් දැක්කා, ඒ තමයි දෝණිට කන් ඇහෙන්නේ නෑ, කටහඩත් වෙනස් වෙලා කියලා. පරීක්ෂණ වලින් තහවුරු වුණා බෙහෙත් සැර දෝණිගේ උගුර, කන, නාසය සම්බන්ධ ස්නායු වලට බලපාල ස්නායු රෝගී වෙලා කියලා.වෛද්‍යවරු නම් කිවුවේ දෝණි හිටපු තත්වේ හැටියට මෙහෙම වෙලා හරි බේරුණ එක ලොකු දෙයක් කියලා. හැමදේම වෙන්නේ හොදට කියල අම්මයි තාත්තයි හිත හදාගත්තා. නමුත් හදවතින් හඬා වැටුනා, 

2 වැනි කොටසට......>>>>> දෝණිගේ කතාව - ( 2 කොටස ).