අහස සේ නුඹ අනන්තයි....

Saturday, May 18, 2013

ආදරය සහ කඳුළ



කොල්ලෙකුයි කෙල්ලෙකුයි ආදරවන්තයෝ වෙන්න කලින් දෙන්නට දෙන්න හොද යාලුවෝ.දෙන්නගෙම කිසි වරදක් පෙන්නේ නෑ.සමාව දීම, සමාව ගැනීම ඉහලින්ම තියෙනවා.කාලයක් යද්දී දෙන්නට හිතෙනවා මෙයා තමා මට ගැලපෙනම කෙනා කියලා.ඒත් ආදරවන්තයෝ උනාට පස්සේ ...........

පොඩි දේටත් හිත රිද්දගන්නවා දෙන්නම
අරම එපා. මෙහෙම එපා කියලා දෙන්නට දෙන්නා නීති දාගන්නවා
එයා තමන් ගැන හැර වෙන කා ගැනවත් හිතනවට කැමති නෑ
යන තැනක් කියල යන්න ඕනේ
ෆේස් බුක් යන්නත් තහනම් කරගන්නවා වෙන අයත් එක්ක මල් කඩනවා කියලා
වෙලාවක හිතෙනවා මගේ නිදහස නැති වෙලා කියලා

තමන් අකමැති දෙයක් අනෙකා කලාම අන්තිමට කියනවා එය මන් හිතපු කෙනා නෙමෙයි.එයා දැන් වෙනස් වෙලා,එය මට ආදරේ නෑ.මේ බොරු ආදරෙන් වැඩක් නෑ.මට එයාව එපා වෙලා කියලා. පස්සේ.......... දෙන්න දෙපැත්තට වෙනවා. හ්ම්ම්ම්ම්ම්ම්......

ආදරේ රදා පවතින්නේ යාලුවනේ විශ්වාසය, එකිනෙකට තේරුම් ගැනීම, එකිනෙකට ගරු කිරීම මතයි.දෙන්න අතරේ මේ ගුණාංග තියෙනවා නම්. තමන්ගේ ආදරේ ගැන විශ්වාස නම්. මේ කිසිම දෙයක් වෙන්නේ නෑ. එකිනෙකාට නීති දාන්න අවශ්‍ය නෑ.රණ්ඩු කරන්න වෙන්නේ නෑ.ජිවිත කාලෙම සතුටින් සමගියෙන් ආදරයෙන් ඉන්න පුළුවන්.මම මේක කියන්නේ මගේ පෞද්ගලික අත්දැකීමෙන්.