අහස සේ නුඹ අනන්තයි....

Tuesday, February 19, 2013

දයාබර පන්හිඳ....


මගේ කඳුල, මගේ සිනහව, මගේ සුසුම,
මගේ හදගැස්ම හදුනන
කිසිදා මා හැර නොයන
කිසිදා වෙනස් නොවන
සදාතන මිතුරා නුඹයි.... පන්හිඳ...
මා හදවතින් පෙම් බැඳී....
හුදකලාවේ සිටින මොහොතේ
දිවා රෑ නොබලා
අහිංසකව මා හා දොඩමළු වන
නුඹ කෙරෙහි
මහද තුළ ඇත්තේ නොනිමි සෙනෙහසකි.
දැතේ විරිය ඇති තුරාවට
දයාබර පන්හිඳ....
නුඹට පෙම් කරමි මම දිවි හිමියෙන්



අහෝ... අතීතය...


හඬන්න දෙනෙතේ කඳුලක් ඉතිරිව නෑ තව
හදවත නිහඬව ඉකි බිඳලයි...
අතීත මතකයන් රැව් පිළිරැව් දී හද තුළ
නොසිදෙන කඳුළු උල්පත් සාදයි. ...

තනිව හිදිමින් ගෙවන මේ නිමේශයේ
සිය දහස් වරක් මරා යලිදු මා උපදවන
අහෝ... අතීතය...
ඇයි නුඹ කුරිරු මෙතරම්....